
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .ෙ
මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත , බටගොඩ, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.
අකුණුසැර සැර එල්ලවන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැදී සිට ඇති අතර , එහිදී ඇතිවූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් සදහන් වේ.
ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු සැර එනකොට එතනින් අයින් වෙලා ඉන්න. හදවත නැවතිලා මියයන්න ඇති. ඔයවගේ වෙලාවට කරන්න ඕනේ දේ දන්න කිසිකෙනෙක් ඉඳලා නැද්ද. අප රටේ මේ ප්‍රථමාධාර පිළිඹඳ ගොඩක් දෙනෙකුට දැනීමක් නෑ. රෝහලට අරගෙන දුවනවා මිසක් ඒ අතරේ කිසිදෙයක් කරන්නේ නෑ.... දරුවා ඔබට නිවන්සුව පතමු.!