
(පද්මසිරි ගාර්දියවසම්)
රම්මලේ කදු පන්තියට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම - වරාපිටිය වැව පිටාර ගලන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි .
වරාපිටිය වැවේ වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති බැවින් තංගල්ල ,බෙලිඅත්ත ,වලස්මුල්ල පහත් බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් ලබා දුන් බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුගොඩගේ මහතා පැවසීය .
වරාපිටිය වැව පිටාර ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් වලස්මුල්ල - පාතෙගම, හදුගල ,දෙයියන්දර ප්‍රදේශවල ජනතාවද විමසිලිමත්ව සිටිය යුතු බවද වාරිමාර්ග ඉංජිනේරු මාදුගොඩගේ මහතා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd