(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය
මෙතන කුමක් හෝ ගැටලුවක් තිබෙන හෙයින් එම ගැටලුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
යුද්ධ කාලයේදිවත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදීය.
ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.
දේශපාලඥයන් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය.
යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් නැහැ. යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙච්ච දෙයක්. එහේම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා. පැය දාහතරකට එක ඝාතනයක්. සමහර මාස වල ඝාතන හැට ගණන් සිද්ධවෙලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තේරෙන්නේ නැතිද යුද්දෙ කාලේ තරම් සෙනඟක් දැන් හමුදාවට අවශ්‍ය නැති බව... එංගලන්තේ හමුදාවේ ඉන්නේ සොල්දාදුවන් ලක්ෂයයි. ඉතින් අපි වගේ හිඟන මට්ටමට වැටුණු රටකට ලක්ෂ 3කට ආසන්න හමුදාවක් අවශ්‍යද? පාසල් පටන්ගන්න වෙලාවටයි ඇරෙන වෙලාවටයි ටිකක් විමසිල්ලෙන් බලාගෙන හිටියොත් තේරුම්ගන්න පුළුවන් වේවි... හමුදාවේ ප්‍රමාණය අඩුකළ යුත්තේ ඇයි කියලා... මේ අය ශ්‍රම බලකායට වෙනස් ප්‍රවේශවලින් එකතුකළ හැකියි...
ඉතා හොද ප්‍රවණතාවක්. ලංකාවට මේ තරම් විශාල හමුදාවක් ඔරොත්තු දෙන්නේ නැහැ...
ඉතින් හොඳයිනෙ නිකන් ඉඳගෙන පඩි ගන්න අකමැති නිසා යන්න ඇති. නැවත රටේ හදිස්සි අවස්ථාවක් ආවොත් හමුදා පුහුණුව තිබෙන නිසා නැවත ගෙන්වමු