(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන්  දෙන ක්‍රමය  ඇති නොවුණා නම්  රටේ අද රජ කරන්නේ කැලෑ නීතිය බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට අරගලකරුවන් පැමිණි අවස්ථාවේදී එම ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම් අදටත් ඔහු සිටින බවද  මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවලවැය ශීර්ෂ පිළිබඳ  අයවැය  කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

අරගලය අවස්ථාවේ සිදුවීම් දහදාහක් විතර තියෙනවා. ඒ සිදුවීම් වලින් දැනට නඩු පවරා ඇත්තේ කීයකටද. මේ නඩු ටිකට විශේෂ අධිකරණයක් ගේන්න කියලා මම අධිකරණ මැතිතුමාට යෝජනා කරනවා. මේ අයට මේ වන්දිය සැකකරුවන්ගෙන් ගන්න ක්‍රමවේදයක් හදන්න ඕන. එහෙම කළොත් තමයි මීට පස්සේවත්  මේ වගේ වැඩ සිද්ද නොවෙන්නෙ. වන්දිය ගෙවන්න බැරි නම් ඒ අය හිරේ යවන්න.

අද කැලෑ නීතිය පල්ලෙහා ටත් ඇවිල්ල තියෙනවා. ආයතන පවත්වාගෙන යන්න අලුත් නීති ගෙන ආවම පෞද්ගලික ආයතනවල පාලකයන්  හිර කරනවා. වට කරලා ඉල්ලීම් දිනා ගන්න හදනවා.

අරගලය වෙලාවේ විපක්ෂ නායකතුමා දුවලා බේරුණේ. එතුමා දුවන්න දන්න නිසා බේරුණා. අපිටනම්  ඒ විදිහට  දුවන්න  බැහැ. තවත් අය එහෙම දිව්වා.