(ජයන්ත ජයවර්ධන)

බන්ධනාගාර  ගතව සිර  දඩුවම්  විදින සැකකරුවකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි.

සැකකරුවට විරුද්ධව පැවැති නඩුව අවසන්වී මහේස්ත්රාිත් අධිකරණයේ වැඩකටයුතුද අවසන්වූ පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු සිරමැදිරියට දමා ඇති බවත් පසුව සැකකරු කෙසේ හෝ පලාගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

සැකකරු  අත්අඩංගුවට  ගැනිමට බන්ධනාගාර නිලධාරීන්  හා දෙයියන්දර   පොලිසිය  පරික්ෂණ  පවත්වයි