(යොහාන් භාසුර)
වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (23) පැවසීය.
අධ්‍යාපනය සඳහා සහ වෙනත් කරුණු සඳහා වෛද්‍යවරු විදේශගත වීමේ අඩුවක් මේ වන විට ඇති බවත් අධයාපන කටයුතු සඳහා විදේශගත වන වෛද්‍යවරු නැවත නොපැමිණීම ද අවම වෙමින් පවතින බවත් මහීපාල මහතා කීය.
දැනුවත් කිරීම සහ පහසුකම් දීම ආදිය තුළ ඉදිරියේදී වෛද්‍යවරු විදේශගත වීම තව දුරටත් අඩුකරගත හැකි බව ද මහීපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.