(යොහාන් භාසුර)
අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයෝ පවසති.
ඇතැම් සිරිර්න්ජර තුළ ජල වාෂ්ප සහ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබීම හේතුවෙන් සැපයුම් අත්හිටුවා ඇති බවත් ඒ අනුව මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජරන් තොග වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති බවත් සෞඛ්‍ය සේවකයෝ සඳහන් කරති.
මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් රෝහල් තුළ ඇති බවත් මිලිලීටර 20 සහ මිලිලීටර 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහා කුඩා සිරින්ජර වැඩි වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේදි අවසන් වන බවත් ඔවුහු කියති.
බොහෝ ඖෂධ රෝගීන්ට දීම සඳහා සහ රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට දීමට නොහැකි තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd