(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
එය සිදු නොවිය යුතු සිද්ධියක් බව තමා විශ්වාස කරන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීම නතර කරන්නැයි කතානායකවරයා කිහිප වරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා එම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා තමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජන කළ බවද පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම තමාගේ වරප්‍රසාද උල්ලංඝනයවීමක් බවත් විපක්ෂ නායකවරයා සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන්ද සුදුසු දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් සනත් නිශාන්ත මහතා එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බොරුවට සුදනා වෙන්න හදනවා...
ගාලුමුවදොර පිටියේදීත් වරප්‍රසාදය උල්ලංඝනය වුණාද?
එදා සිදු වෙච්චි මොහු ඇතුළු නොහික්මුණු පිරිසගේ නින්දිත හැසිරීම එතැන හිටපු ළමයි ඇහැට දක්කා. ඒ දරුවන්ට වගකීමක් තියෙනවා ගෙදර ගිහින් දෙමාපියන්ට මොවුන්ගේ හැටි කියන්න. අපි ඒක හරියට දැක්කේ ඔය කියන වීඩියෝ කිරීම නිසයි. මේ තැනැත්තාගේ හැසිරීම ගැන හිතුවාම දැන් මේ කියන මේ කතාව කොයිතරම් දුෂ්ට අසාධාරණ ප්‍රකාශයක්ද? ඕනෑම ජරා ජඩ වැඩක් කරලා හරියට සුද්ධවන්තයෙක් වගේ කතා කරනවා. ඔන්න ඕක තමයි බැසිල් ඇතුළු ඔය පොහොට්ටු පක්ෂේ නායකයෝ නාමයෝජනා දෙන්නේ ඔය වගේ නූගත්, රස්තියාදුකාර පුද්ගලයින්ට කියන ඒක... ඔය වගේ නූගත්, නොවැදගත් අය රටක ඇමැතිකම් කරන කොට මේ රටක් තව ඉතුරු වෙයිද? අඩු තරමින් ඔතැන අවුරුදු ගණනාවක් කකා බිබී හිටපු මිනිහා දන්නේ නැහැනේ තවත් මන්ත්‍රී කෙනෙකුගේ ලිපි ගොණු උදුරා ගන්නවා කියන ඒක බරපතල වරදක් කියලාවත්...!
පාලිමන්ට් බූරුවෙක් කතා කරයි
මේ වගේ අපතයින්ට චන්දෙ දෙන්න තරම් හරක් ඉන්න නිසා තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ
මෙවන් අමන මුග්ද බූරුවන් පාර්ලිමේන්තුවට එවීම ගැන පුත්තලම් දිස්ත්‍රික් මාගේ හදපිරි මෙව්වා එක. ලබන සැරේවත් හරිහමන් හැදියාවක් තියෙන එවුන් එවපියවූ යකුනේ!!!!