IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සනත් නිශාන්ත ගෙන් කථානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව  ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

එය  සිදු නොවිය යුතු සිද්ධියක් බව තමා විශ්වාස කරන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  වීඩියෝගත කිරීම නතර කරන්නැයි   කතානායකවරයා කිහිප වරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන්   මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බව  පවසන රාජ්‍ය අමාත්‍යවරයා  එම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා තමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජන  කළ බවද පෙන්වා දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම තමාගේ වරප්‍රසාද උල්ලංඝනයවීමක් බවත් විපක්ෂ නායකවරයා සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන්ද සුදුසු දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් සනත් නිශාන්ත මහතා එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.



අදහස් (6)

සනත් නිශාන්ත ගෙන් කථානායකට ලිපියක්

ගමේ එකාලා Thursday, 23 November 2023 03:08 PM

තමුන් කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බොරුවට සුදනා වෙන්න හදනවා...

:       0       18

Nihal Thursday, 23 November 2023 03:54 PM

ගාලුමුවදොර පිටියේදීත් වරප්‍රසාදය උල්ලංඝනය වුණාද?

:       0       22

චන්දිම ෆොන්සේකා Thursday, 23 November 2023 04:16 PM

එදා සිදු වෙච්චි මොහු ඇතුළු නොහික්මුණු පිරිසගේ නින්දිත හැසිරීම එතැන හිටපු ළමයි ඇහැට දක්කා. ඒ දරුවන්ට වගකීමක් තියෙනවා ගෙදර ගිහින් දෙමාපියන්ට මොවුන්ගේ හැටි කියන්න. අපි ඒක හරියට දැක්කේ ඔය කියන වීඩියෝ කිරීම නිසයි. මේ තැනැත්තාගේ හැසිරීම ගැන හිතුවාම දැන් මේ කියන මේ කතාව කොයිතරම් දුෂ්ට අසාධාරණ ප්‍රකාශයක්ද? ඕනෑම ජරා ජඩ වැඩක් කරලා හරියට සුද්ධවන්තයෙක් වගේ කතා කරනවා. ඔන්න ඕක තමයි බැසිල් ඇතුළු ඔය පොහොට්ටු පක්ෂේ නායකයෝ නාමයෝජනා දෙන්නේ ඔය වගේ නූගත්, රස්තියාදුකාර පුද්ගලයින්ට කියන ඒක... ඔය වගේ නූගත්, නොවැදගත් අය රටක ඇමැතිකම් කරන කොට මේ රටක් තව ඉතුරු වෙයිද? අඩු තරමින් ඔතැන අවුරුදු ගණනාවක් කකා බිබී හිටපු මිනිහා දන්නේ නැහැනේ තවත් මන්ත්‍රී කෙනෙකුගේ ලිපි ගොණු උදුරා ගන්නවා කියන ඒක බරපතල වරදක් කියලාවත්...!

:       0       23

Don perea Friday, 24 November 2023 02:57 AM

පාලිමන්ට් බූරුවෙක් කතා කරයි

:       0       1

Perera Friday, 24 November 2023 03:53 AM

මේ වගේ අපතයින්ට චන්දෙ දෙන්න තරම් හරක් ඉන්න නිසා තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ

:       0       1

සොරිසේන Friday, 24 November 2023 07:32 AM

මෙවන් අමන මුග්ද බූරුවන් පාර්ලිමේන්තුවට එවීම ගැන පුත්තලම් දිස්ත්‍රික් මාගේ හදපිරි මෙව්වා එක. ලබන සැරේවත් හරිහමන් හැදියාවක් තියෙන එවුන් එවපියවූ යකුනේ!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 796 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site