(සුමිත් පොතුපිටිය )

පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ  දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති  බවට ලද පැමිණිල්ලක් මත  පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි .

ව්‍යාපාරිකයාගේ බිරිද  විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අලුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුලට පැන,  රන් අත් පළදනා මුදු ඇතුළු දේපල කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක්  කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

පහරකෑ ව්‍යාපාරිකයා පානදුර රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.