( මහින්ද   නිශ්ශංක)

ලංකා සතොස සුදු සීනි කිලෝව රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවෝ පවසති.

ඒ අනුව රුපියල් 275 බැගින් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝවක් පමණක් නිකුත් කරන බවද ඔවුහු පවසති.

 දුඹුරු සීනි කිලෝවද රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනි ද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇතැයි කළමණාකරුවෝ පවසති.

මේ අතර ඇතැම් ලංකා සතොස අලෙවි සැල් වල සුදු සීනි හිගයක් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති.