
(රන්ජන් කටුගම්පොළ)
ගෝඨාගෝගම අරගලය පැවැති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ සිද්ධියේ විත්තිකරුවන් 37 දෙනාට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපති ගොනුකර ඇති අභියාචන පෙත්සම පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
මෙම අභියාචන පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම සිද්ධියේ විත්තිකරුවන්ට පසුගිය ජූනි 23 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලාල් කුමාරපේලි මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි JVP අපරාදකාරයින්ට ඇපදෙන්න එපා. ඔවුන්ව ඔය තත්වයට පත් කල ටිං ටිං, අනුර, හෙට්ටිලා. කාන්තාලාත් දණ්ඩනයට ගන්න. උන්ගේ අනුදැනුම නොමැතිව මේ කාලකන්නින්ට මිනිමරන්න බැහැ. මිනීමරන පංති තියෙන්නේ මහ ජෙප්පෝ.