
(තිස්ස කොටින්කඩුව සහ ප්‍රසංග සිල්වා)
මාංචු පිටින් ජාඇල ඇළට පැන පලායාමට තැත් කළ සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන්න පොලිස් කොස්තාපල් වරයකු ඇලේ දිය වැලට අසුව අතුරුදහන්ව ඇතැයි ජාඇල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ජාඇල පොලිසියේ ක්‍රිශ්නමුර්ති තිරදාපන් (99033) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි
නීති වාරෝධි ලෙස මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ චෝදනාව මත සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සදහා මාංචු දමා පොලිසියේ රදවා සිටියේදී පොලිසිය ආසන්නයේම ඇති ජාඇල ඇලට පැන පැනයාමට උත්සහ ගැනීමේ මේ සිද්ධිය සිදුව ඇත.
පැනයාමට උත්සහ ගත් සැකකරු යලි අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය සමත්ව ඇත.මේ දිනවල ඇද හැලෙන ධරානිපාත වර්ෂාව නිසා ජාඇල ඇලේ සැඩ ජල පහරක් ගලා යමින් පවතී.
අතුරුදහන්ව ඇති පොලිස් නිලධාරියා සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සේනාරත්න මහත පවසයි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත්තු සැකකරුවන් ගැන නිසි සැලකිල්ලක් අවධානයක් යොමු කෙරුවා නම් මෙහෙම කණගාටුදායක සිදුවීම් වෙන්නේ නැහැ...!