(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම යුක්ති සහගත දැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය.
හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ තම පක්ෂයද සිටින බව පැවසූ දිසානායක මහතා විශ්‍රාම ගිය නිලධාරියකුට කුමන හෝ දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවකුටත් අයිතියක් නැතැයිද සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවැසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද. කීත් නොයාර්ට පහර දුන්නේ කවුද. උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ කවුද. පෝද්දල ජයන්තට පහර දුන්නේ කවුද. ඒ පරීක්ෂණ කොච්චර දුර ගියාද කියලා කියලා කියන්න අපි දන්නවා. මේ පාර්ලිමේන්තුව හමුදාවට මුදල් වෙන් කරල දීල තියෙන්නෙ ජනතාවට පහර දෙන්න නොවෙයි. උද්ඝෝෂණ වලට පහර දෙන්න නොවෙයි.
උද්ඝෝෂණ කරුවන්ට පහර දුන්න පිරිසක් නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ කවුද පොලිසියට දුරකතන ඇමතුම් දුන් පුද්ගලයා. කමල් ගුණරත්න ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයෙක්. ඒක ඔහුට තියෙන අයිතිය. අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට වෙනත් අයගෙ ඒ අයිතිය ඔහු හාර අවුස්සන්නේ කොහොමද. වෙනත් දේශපාලන ව්‍යාපාර වලට වැඩ කරන අය පාලනය කරන්න ඔහුට තියන අයිතිය කුමක්ද. හමුදා සොල්දාදුවන්ට ගරු කළ යුතුයි කියලා කතා කරන ආණ්ඩුවක්.
මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ එද්දී ගුවන්තොටේදී පරීක්ෂාවට ලක් කළා. කුඩු අරගෙන එනවද කියලා හෙව්වා. හේතුව මොකද්ද. ජාතික ජන බලවේගය එක්ක දේශපාලනය කිරීම. මේක සාධාරණ නැහැ. මේ වැඩේ කරන්න එපා. යම් දේශපාලන ව්‍යාපාරයකට විතරද මේ රටේ දේශපාලනය කරන්න අයිතිය තියෙන්නෙ.
අද අපිත් එක්ක වැඩ කරන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලට යෑම සීමා කරල. වෛද්‍ය සැපයුම් ලබා ගැනීමත් සීමා කරල තියෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මේ කැත වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරනවා.
ජාතික සමගිය ගැන පෙළපාළියක් ගියා. සංස්කෘතික පෙරහැරක්. ඒකටත් ටවුන් හෝල් එකේදි ගහනවා. එදා පොලීසියේ එක කොට්ඨාශයකට නියෝග දුන්නේ සාගල රත්නායක . විශ්‍රාමික නිලධාරියකුට කවර හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට ඇති අයිතියට අකුල් හෙලන්න එපා. රාජකාරියේ ඉන්න හමුදා නිලධාරින් සමග දේශපාලනය නොකළ යුතුයි කියන මතයේ අප ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියේ පෙර වැරැදි නිසා සාමාජිකයා ගැන ගුවන්තොටුපලේ අයට සැක හිතෙන්න ඇති. දැන්වත් හැදෙන්න බලන්න සහෝදරයා...
උද්ඝෝෂණවලට පහර දෙනවා කියන්නේ ජ.වි.පෙ.ට. පහර දෙනවා කිියන එකනේ... ඒකයි දුක...!
ආරක්ෂක ලේකම්ගේ පැටිකිරිය බ්‍රසීල ශ්‍රීලංකා තානාපති කාරයාලේ අය දන්නවා .එයා හිරේ ඉන්න ඕන කෙනෙක්
ජවිපෙ කියන්නේ පටන් ගත් දා ඉඳලාම ත්‍රස්තවාදී කල්ලියක්. ඒකට සම්බන්ධ හමුදා නිලධාරීන් පිටරට ඉඳලා එනකොට මොන වගේ අවි ආයුධ ගේනවාද කියලා පරීක්ෂාකරලා බලන්නම ඕනෑ...
ඈ බොල අනුර ගොයියෝ, අරුණ ජයසේකර ගැන තිබෙන පස්සේ අමාරුව මොකක්ද? ඊළඟට කියන්න 1971, 1989, 2022 කාලේ කරපු දහසකුත් ගිනිතැබීම් මිනිමැරුම් වලට කී දෙනෙක් එල්ලුම් ගස් ගියාද? හිරේ ගියාද? හරිනම් ඔයාවත් එල්ලන්න ඕනේ...