2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා

LIVE UPDATES

අයවැය 2026

05:37 PM විසර්ජන පනත් කෙටුම්පතේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3740 දක්වා රුපියල් බිලියන 60කින් අඩු කෙරේ

05:25 PM දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයක ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්

05:25 PM විදුලි සංදේශ බදු පනත සංශෝධනයට

05:25 PM 2026 ජනවාරියේ සිට නවීන බදු විගණන රාමුවක්

05:25 PM 2026 අපේ සිට තීරු බඳු අනුපාත 0%,20%,20%,30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කරයි.

05:17 PM වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා

05:14 PM ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක්.

05:13 PM 2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ තුනකින් ඉහළට

05:10 PM විනිවිද භාවය කාර්යක්ෂමතාව මත පදනම් වූ නව බදු ක්‍රමයක්

05:09 PM සුදුසුකම් සපුරා ඇති මාස හයකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරයි.

05:08 PM දුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරයි.

05:06 PM විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරයි

05:06 PM දුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් වැඩිි කරයි

05:05 PM රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක්

05:04 PM අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල තවත් වැඩි කරයි

05:03 PM 2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි

05:02 PM රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්

04:59 PM 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරයි

04:59 PM රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක්

04:58 PM 2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි

04:58 PM රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.

04:55 PM ලංකා සීනි පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක්

04:51 PM රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යලි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ  මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.

04:49 PM රාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක්

04:49 PM රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා  විභාග වලට ලියන්නැයි පාරේ සිටින සැමට ආරාධනා

04:47 PM රාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි

04:45 PM වර්තමානයට අවශ්‍ය නොවන ආයතන දහතුනක් ඈවර කරයි

04:44 PM එකම අරමුණකින් ඇති රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරයි

04:44 PM වාණිජ නොවන සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන වසා දමයි

04:43 PM ළමා රැඳවුම් නිවාස වල සිට සමාජගත වූ දරුවන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා මිලියන දෙකක ප්‍රතිපාදනයක්.

04:43 PM උතුරු නැගෙනහිර නිවාස 2500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5000ක්

04:41 PM නාය යාමය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක්

04:41 PM වතු කම්කරුවන් සඳහා නිවාස දෙදාහක් ඉදිකිරීමට මිලියන 4290ක්

04:40 PM කැලණි වලි දුම්රිය මාර්ග සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මිලියන 840 ක්

04:39 PM නාගරික වතු ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් මිලියන 15000

04:38 PM සෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක්. සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ  ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක්. අඩු ආදායම්ලාභී නිවාස හැත්තදාහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිවාස දසදහසක් ඉදි කිරීම සඳහා තවත් මිලියන තුන්දහසක්.

04:37 PM වීදි සුනඛයන්ගේ රැකවරණය සහ සුරතල් සතුන් භූම දානය පහසුකම් ඇති කිරීමේ නියමු වැඩසටහනක් සඳහා රුපියල් මිලියන සීයක්.

04:37 PM පළාත් පාලන ආයතන වල යටි තල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්.

04:34 PM ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.

04:32 PM රත්නපුර නගර සංවර්ධනයට රුපියල් මිලියන පන්සීයක්.

04:32 PM හැටන් නගරයේ තදබදය අවම කර සංවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සීයක්

04:32 PM යාපනය ඇහැලියගොඩ මඩකලපුව හලාවත මාතර ඇතුළු හඳුනාගත් නගර දහයක් සංවර්ධනයට සක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 2000ක්

04:29 PM කටුනායක ගුවන්තොටුපළ සංවර්ධනයට ජයිකා ආයතනයේ එකඟතාව

04:29 PM වරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට

04:29 PM රේගු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙලක්.

04:25 PM රජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්

04:24 PM බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන එනවා

04:24 PM විදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධති සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කෙරේ

04:21 PM මාර්ග ආරක්ෂණ වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන දහසක්

04:12 PM සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්

04:11 PM රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්

04:11 PM කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන දහසක්

04:08 PM මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්

04:08 PM මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්

04:07 PM පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන

04:07 PM දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300 ක්

04:07 PM කාර්යක්ෂම ගමනාන්තයක්  වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්

04:07 PM හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට වැඩසටහනක්

04:00 PM දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්

04:00 PM කළුගං මෝය වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 100ක්

03:58 PM මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන දහසක්

03:57 PM ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්

03:55 PM වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්

03:55 PM චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින්  සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක්.

03:54 PM පසු අස්වනු හානි අවම කිරීමට මිලියන පන්සියයක්.

03:54 PM ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක්

03:54 PM වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.

03:54 PM ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්

03:53 PM අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන2500ක්

03:49 PM උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක්

03:49 PM මිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්

03:46 PM ගවයන් සහ සූකර අභිජනන වැඩසටහන සඳහා රුපියල් මිලියන දහසක්

03:46 PM දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්

03:46 PM 2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්

03:43 PM දඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්

03:43 PM ලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්

03:41 PM ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.

03:41 PM චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස

03:41 PM ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්

03:40 PM නාට්‍ය හා රංග කලාව සාහිත්‍යය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 50ක්

03:37 PM අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක්

03:37 PM සිවිල් ආරක්ෂක නිලධාරීන් පන්දහසක් වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරයි

03:36 PM විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්

03:36 PM වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අත්‍යවශ්‍ය වාහන සහ සන්නිවේදන උපකරණ ලබාදීමට අනුමැතිය දී තිබෙනවා

03:36 PM විදෙස් ගත ලාංකිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

03:36 PM කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 200ක්

03:30 PM වතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල්  1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.

03:28 PM ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක්

03:27 PM පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.

03:27 PM දඹුල්ල සහ දෙනියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන දහසක්.

03:27 PM අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක්.

03:27 PM මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන  31000ක්.

03:27 PM ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්

03:23 PM මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන  31000ක්.

03:21 PM ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්

03:21 PM වසර පහක් ඇතුලත රෝහල්  නවීකරණය කරනවා

03:20 PM රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා

03:20 PM රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීමට මිලියන අටදාහක්

03:19 PM ආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා රුපියල් පන්දහසක දීමනාවක්.

03:18 PM අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට පන්දහසක දීමනාවක්.

03:17 PM මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.

03:15 PM වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක්

03:14 PM ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.

03:14 PM ආබාධිත දරුවන්ට අනෙක් දරුවන් සමගම අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙනවා.

03:12 PM රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා

03:12 PM ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.

03:11 PM කුඩු මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්

03:09 PM මත්කුඩු වසංගතය  කිසිවක් නොදන්නා  දරුවාගේ පාසල් බෑගයද ආක්‍රමණය කරනවා.

03:09 PM සෑම අතින් අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා

03:08 PM පර්යේෂණ වාණිජකරණය සඳහා ආණ්ඩුවෙන් මූල්‍යාධාර

03:07 PM අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්

03:05 PM ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා

03:05 PM Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්

03:04 PM කිව්.ආර් කේත වලින්  රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.

03:04 PM අපි යම් කැපකිරීමක් කර තාක්ෂණය රටට කැඳවාගත යුතුයි. ඒ සඳහා අප කටයුතු කරනවා.

03:03 PM එහි දිරි ගැන්වීමක් ලෙස  online ගෙවීම් වලදී සේවා ගාස්තු අය කිරීම නතර කරනවා.

03:01 PM මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා

03:00 PM පුරවැසියාගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරනවා

02:58 PM 2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.

02:57 PM ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.

02:57 PM ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.

02:56 PM රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කරනවා.

02:56 PM බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේදී අරඹනවා

02:52 PM අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන දහසක්.

02:52 PM සංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්

02:49 PM බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා.ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

02:49 PM ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.

02:49 PM රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා.ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘති වල යොදවනවා.

02:48 PM හපුතලේ  ප්‍රධාන සංචාරක ගමනාන්තයක් කිරීමට කටයුතු කරනවා.

02:47 PM බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්

02:45 PM සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 5900ක්

02:44 PM කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්

02:43 PM කර්මාන්ත සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන දහසක්

02:41 PM ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට නව ක්‍රමවේදයක්

02:41 PM ජාතික තනි වෙළඳ කවුළුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්

02:40 PM ජාතික සංවර්ධන සැලැස්ම සවිබල ගැන්වීම සඳහා අමතර රුපියල් මිලියන 250 ක්

02:40 PM ඇප රහිතව  ව්‍යසායකයන්ට ණය ලබාදීම සඳහා දුන් පොරොන්දුව ඉටුකර තිබෙනවා.ඒ සඳහා රුපියල් මිලියන හත් දහස දක්වා තවදුරටත් මුදල් වෙන් කරනවා.

02:37 PM ඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියනය සීයක් වෙන් කරනවා

02:37 PM ආයෝජනය ගෙනෙන විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්

02:36 PM ආයෝජන කලාප ආශ්‍රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන දහසක්

02:33 PM කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ගොඩනගා තිබෙනවා.මේ වන විට ඒවා අතහැර දමා තිබෙනවා.ඒවායේ ණය ගෙවා පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා

02:31 PM ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර සංවර්ධන පනත ලබන වසරේ සංශෝධනය කරනවා.

02:31 PM ආයෝජන සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දෙනවා

02:30 PM ආර්ථික වර්ධනයට රැකියා උත්පාදනයට සහාය වීම සඳහා ආර්ථික හා සමාජ යටිතල පහසුකම්  කෙරෙහි ආයෝජනය කිරීම වැදගත් කාරණයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව. 

02:30 PM ආයෝජන හිතකර සමාජයක් ගොඩනගනවා

02:27 PM මෙවර අයවැය හිඟය 5.2  දක්වා අඩුවෙනවා.

02:26 PM සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.

02:25 PM රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් සියයට 20 මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.

02:24 PM මේ නීති රාමුව අනාගත කම්පන රට ආරක්ෂා කරනවා. බදු ගෙවන හැම රුපියලකටම අප වග කියනවා

02:23 PM මූල්‍ය විනයක් ඇති රටක්,නීතිමය රාමුවක් ගෙන ඒමට කටයුතු කළා.

02:23 PM හැම පැත්තෙන්ම ආර්ථිකයේ ධනාත්මක සාධක පෙන්නුම් කරමින් සිටිනවා

02:23 PM පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා

02:22 PM කොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටිනවා

02:22 PM විරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා

02:21 PM රාජ්‍ය ආයෝජන සියයට හතරකින් ඉහළ දැමීමට කටයුතු කරනවා

02:20 PM විරැකියාව පහත දමන්නට අපට හැකියාව ලැබුණා

02:19 PM 2026 දී දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 15.3  දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.

02:18 PM විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලා ගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කරනවා

02:16 PM ග්‍රාමීය දිළිඳු බව බව සඳහා පොහොසත් ගමක් බිහිකරනවා.

02:16 PM මේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා

02:14 PM ආර්ථික ඉලක්ක එකක්වත් අප අත හරින්නේ නැහැ.

02:14 PM වසරේ මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.

02:13 PM 2028 වසරේ ඉන්නෙත් අපි. ඒ ණය ගෙවන්නෙත් අපි.

02:13 PM පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.

02:11 PM ණය ගෙවීමට බැරි වෙනවා වැනි සාවද්‍ය ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගත යුතු නැහැ

02:11 PM අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා.

02:10 PM ඒ නිසා කවුරුත් ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.

02:09 PM අපේ ණය ප්‍රතිශතය සියයට 95 ඉලක්කයට දැනටමත් ලංවෙමින් තිබෙනවා

02:08 PM 2025 වසරේදී ඇමෙරිකා ඩොලර් මිලියන 430කින් ආනයන වියදම ඉහළට

02:08 PM අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.

02:07 PM නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළඳ කවුළුවක්.

02:04 PM ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමඟ සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා

02:03 PM රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා.

02:03 PM පළමු අයවැයෙන් දැමූ අඩිතාලම දෙවැනි අයවැයෙන් තවත් ශක්තිමත් කරනවා

02:01 PM මහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා.

02:01 PM එස් වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා

02:00 PM මුදල් විශුද්ධිකරණයට එරෙහි  රාමුව 2026 දී ශක්තිමත් කරනවා.

02:00 PM බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා

01:58 PM මුදල් ශුද්ධිකරණයට එරෙහි  රාමුව 2026 දී ශක්තිමත් කරනවා.

01:57 PM බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා

01:56 PM 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා

01:56 PM වගකීම් ඉටු ඉටුකට ආපහු සත්වන නිලධාරීන්ට දඩ මුදල් පැනවීම සඳහා ජාතික විගණන පනත සංශෝධනය කළා

01:56 PM ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කරනවා

01:55 PM ආයෝජනවල පැහැදිලි ප්‍රගතියක් අත්වී තිබෙනවා

01:54 PM එමෙන්ම ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා

01:54 PM අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසනවා

01:53 PM වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වැඩිදියුණු කර තිබෙනවා.

01:52 PM රාජ්‍ය මූල්‍ය සඳහා ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දෙනවා

01:52 PM යල් පැනගය නීති රීති නව නීති මගින් ප්‍රතිෂ්ඨාපනය කරනවා

01:52 PM අප කවුරුත් රාජ්‍ය සේවය ගැන සතුටු නෑ අප මේ තත්ත්වය වෙනස් කළ යුතුයි

01:52 PM රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනකින් වැඩිකර තිබෙනවා.

01:51 PM රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය කර නවීකරණය අවශ්‍යයි.

01:51 PM ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් ඇති අයට ලබා දෙනවා

01:51 PM ඡන්ද රැස්වීමට ආවේ නැතිනම් සමෘද්ධිය කපන ඉතිහාසයක් තිබුණා ඒ තත්ත්වය අවසන් කරනවා

01:50 PM 2026 වසරේදී අඩු ආදායම්ලාභීන් සමාලෝචනයට ලක් කරනවා

01:50 PM එයාර් ලංකා ණය දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගත  කරනවා.

01:50 PM දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළා

01:49 PM 2019 වසරේ පැවති ආර්ථික තත්ත්වය 2025 වසර අවසානයේ ළඟා කර ගැනීමට හැකියාව තිබෙනවා

01:49 PM 2030 වන විට අපේ ණය ප්‍රමාණය සියයට 87ක ප්‍රමාණයකට ළඟා කර ගැනීමට කටයුතු කරනවා.

01:49 PM ආයෝජක විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැගීමට හැකි වුණා.

01:48 PM රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දාසයක මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.

01:48 PM විදෙස් සංචිත ඩොලර් බිලියන හතක් කර ගැනීමට මේ වසරේදී අප බලාපොරොත්තු වෙනවා

01:48 PM ගෝලීය කම්පන හමුවේ වුවද විදේශ සංචිත ශක්තිමත් වුණා

01:47 PM විනිමය අනුපාතය ස්ථාවර වී තිබෙනවා

01:47 PM උද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරනවා.

01:46 PM උද්ධමනය ධන අගයකට පැමිණ තිබෙනවා

01:40 PM අයවැය කතාවට පාර්ලිමේන්තුව ඇරැඹේ (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි.

Views ({{hitsCtrl.values.hits}}) | Comments (0)

අයවැය 2026

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.