සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්
උපන් බිම, ජාතිකත්වය හා ආගම ඕනෑම මිනිසකු සතු මහරුම සම්පතකි. ඒවාට ගරු නොකරන්නා තුළ මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක්වත් තිබිය නොහැක. තමන්ගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කරන්නා සේම අනෙකාගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කිරීමේ ශිෂ්ටත්වය ද මිනිසා ප්‍රගුණ කළ යුතුය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් අගනා මිනිසකු නිර්මාණය වන්නේ එමගිනි.