ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එකී සිද්ධියට සම්බන්ධ බොහෝ තොරතුරු වාර්තා විය. ඒ අතුරින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ එක් පණිවුඩයක සඳහන් වී තිබුණේ, සංචාරක වීසා බලපත්‍රයකින් රටකට පැමිණ, එම රටේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීමට සමත් පුද්ගලයකු සිටින එකම රට ශ්‍රී ලංකාව බවය.