IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ

මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය හා පිටස්තර පුද්ගලයන් අතර ඇවිළීගිය ‘‘යුද්ධයෙන්’’ පසුව තුවාල වූවන් රෝහල්ගත කළ බවත් තව පිරිසක් අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය වාර්තා කළේය. අත්වැරදීමකින් ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීමෙන් අසාත්මිකතාවකට මුහුණ දුන් තරුණයකුට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසක් සහ රෝහලේ කාර්ය බාර නිලධාරිවරයා සහ කාර්ය මණ්ඩලය අතර මෙම යුද්ධය ඇවිළී ගොස් ඇත. දෙපිරිස අතර  ප්‍රහාරය දරුණු අතට හැරී යත්ම නේවාසික රෝගීන් මරහඬ දෙමින් ආරක්ෂාව පතා පිටතට දිවගොස් ඇතැයිද වාර්තාවල සඳහන්ය.

මැණික්හින්න රෝහලේ සිද්ධිය කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. රෝහලක පළමුව තිබිය යුත්තේ සෞඛ්‍ය පහසුකමය. දෙවැනුව පිරිසුදුකම්ය. ඒ හා  සමානම බරින් ආරක්ෂාව තිබිය යුතුය. නේවාසික රෝගීන්ට තම ජීවිත බේරා ගැනීමට මරහඬ තලමින් එහෙ-මෙහෙ දිව යාමට සිදුවන්නේ නම් එහි ආරක්ෂාව බිංදුවටම වැටී ඇත. එය රෝහලකින් බලාපොරොත්තු විය නොහැකි තත්වයකි.

‘‘රෝගීන් කලබල වුණාට දොස්තර කලබල නොවේ’’ යැයි ප්‍රකට කියමනකි. එමෙන්ම එය ඒකාන්ත සත්‍යයකි. මැණික්හින්න රෝහලේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ ලෙඩ්ඩුත් ලෙඩ්ඩු ගෙනා පිරිවරත් දොස්තරත්  ඔහුගේ කාර්ය මණ්ඩලයත් හොඳටම කලබල වී ඇති බවකි. සමාජය දියුණුනම් මෙවැනි සිදුවීම් වාර්තාවීමට ඉඩක් නැත. නූගත් මදාවියන් මෙන් සියලු පාර්ශ්ව හැසිරී තිබෙන බව අනුමාන කළ හැකිය. මෙම තත්වය කිසිසේත්ම යහපත් නැත. එහෙයින් කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.

මැණික්හින්න රෝහලේ යුද්ධයට අදාළ බව පැවසෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරයි. එම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී දෙපිරිසම මත්පැන් පානය කර ඇති බවටද සැකයක් මතුවෙයි. සිද්ධිය වූ 28 වැනිදා ඉරිදාවකි. එදින එම රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක්ද පැවතී ඇත. අවුරුදු සිරිය මැදියම් රාත්‍රියේදී යුද්ධයක් බවට පරිවර්තනය වී තිබේ. පිටස්තරයන් පැමිණ ඇත්තේ ද සංගීත සංදර්ශනයක් නරඹමින් සිටින අතරතුර බවද සඳහන්ය.

රෝහල් කාර්ය මණ්ඩල සහ  පිටස්තරයන් අතර ගැටුම් බොහෝ සෙයින් වාර්තා වේ. මෙම ගැටුම් බොහොමයකට අනවබෝධය බලපා තිබෙන බව පැහැදිලිය. ඇතැම් විට රෝගීන් බැලීමට අවේලාවේ පැමිණන පිරිස් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ගැටුම් ඇවිළී යයි. රෝගීන් බැලීමට නිශ්චිත කාලයක් වෙන්කර ඇතද ඇතැම්හු ආවේලාවෙම පැමිණෙති. ඒ සඳහා අමතර ශක්තියකට මත්පැන්ද පානය කරති. එමෙන්ම තමන් අහවලා අඳුරනවා යන හැඟීමද තවත් ශක්තියකි. ගැටුම්වලට හේතුව එයය.

රෝගීවීමට නිශ්චිත වේලාවක් වෙන් කර නොමැත. රෝගීවීම හදිසි අනතුරකට ලක්වීම ඕනෑම මොහොතක විය හැකිය. එයට මැදියම් රැය කියා වෙනසක්ද නැත. එබඳු අවස්ථාවකදී රෝගියා සමග අති විශාල පිරිසක් පැමිණිය හැකිය. අනවශ්‍ය තරම් පිරිසක් රෝගියා වටකර ගෙන සිටීම රෝගියාට ප්‍රතිකාර කිරීමේදී විශාල බාධාවකි. රෝගියාගේ පර්ශ්වකරුවන්ට ඒ බව අවබෝධ කර ගැනීමට තරම් මේරූ බුද්ධියක් තිබිය යුතුය.

තම රෝගියාට වහාම ක්ෂණිකව ප්‍රතිකාර ලැබිය යුතු යැයිද බාරකරුවෝ සිතති. එය යම් පමණකට හෝ ප්‍රමාද වුවහොත් බාරකරුවෝ ගැටුමට යති. ඇතැම් විට එම පමාව සාධාරණ හේතුවක් නිසා විය හැකිය.

රෝගියාගේ හා බාරකරුවන්ගේ හැසිරීම කුමක් වුවද ඉවසීමෙන් කටයුතු කිරීමේ සංයමය රෝහල් කාර්ය මණ්ඩලයට තිබිය යුතුය. රෝගියාගේ සහ බාරකරුවන්ගේ මානසික තත්වය හඳුනා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුය. එම සංයමය හා හැකියාව අවශ්‍ය මට්ටමෙන් තිබුණේ වී නම් මැණික්හින්න රෝහල සම්බන්ධයෙන් මෙවැනි සටහනක් ලිවීමට සිදු නොවනු ඇත.

(***)



අදහස් (0)

මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 829 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 167 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 168 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site