නීතියට ඉහළින් සිටීමට වෙර දරන දේශපාලනය
සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක හා මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක එම්.අයි.එස්. කාදර් නැමැත්තාගේ නිවෙසේ සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි තුනක්, ජීව උණ්ඩ තොගයක් හා දැලි පිහි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවි සමග අදාළ ආසන සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බවත් සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දැන් ඔහු රිමාන්ඩ් බාරයේය.