මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අලි රේසා ඩෙල්කොෂ් කොළඹ නගරයේ සාප්පු සංකීර්ණයක රථ ගාලට තම මෝටර් රථය ඇතුළු කිරීමේදී තවත් රියැදුරකු සමග ඇති වූ බහින්බස් වීමකින් පසුව පහරකෑමට ලක්වීම එම සිද්ධියයි. පහරදී ඇත්තේ කොළඹ තරුණ ව්‍යාපාරිකයකු බවත්, ඔහු සිද්ධියෙන් පසුව පලා යාමට උත්සාහ දැරූ අවස්ථාවේ තානාපතිවරයා ද අනතුරට ලක් කරනු ලැබූ බවත් සඳහන්ය.
තානාපතිවරයකු ප්‍රසිද්ධියේ පමණක් නොව අප්‍රසිද්ධියේ වුව ද වෙනත් පුද්ගලයකුගේ පහරකෑමට ලක්වීම ලොව මොනම රටක වුව ද ඉතා විරල සිද්ධියකි. ගුවන්තොටුපොළේ සේවකයන්ගේ කන පැලෙන්න පහර දෙන ඇමැතිවරුන් සිටින අපේ රටේ මෙවැනි සිදුවීම් එක් අතකින් විස්මයට හේතුවක් නොවේ. එහෙත්, මේ අවස්ථාවේ එහි සැකකරු වන්නේ, දේශපාලනඥයකු නොව කොළඹ තරුණ ව්‍යාපාරිකයෙකි. තමන් පහරදෙන්නේ විදෙස් රටක තානාපතිවරයකුට බව සැකකරු නොදැන සිටි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. එහෙත්, විදේශිකයකුට නොව ස්වදේශිකයකුට වුව ද තමන්ගේ අතේ පයේ හයිය පෙන්වන්නට යාම ශිෂ්ට සම්පන්න පුද්ගලයකුට තරම් නොවේ. රථ ගාලකදී තමන්ගේ හැසිරීමේ සංවර බවත්, විනීත බවත් රැක ගැනීමට නොහැකි නම්, එවැනි පුද්ගලයන් රථවාහන ධාවනයේ යෙදීම පවා අනතුරුදායක බව පෙන්වා දිය යුතුය.
ඉරාන තානාපතිවරයා ඒ අවස්ථාවේදී ගමන් කර ඇත්තේ තානාපති සේවාව සඳහා වෙන් කර ඇති ලියාපදිංචි අංකයකින් යුත් වාහනයක දැයි අපි නොදනිමු. එවැනි වාහන ඕනෑම රියැදුරකුට හඳුනාගත හැකිය. එම වාහනයක් නොවුව ද එහි සිටියේ විදේශිකයකු නම් ඔහු හඳුනා ගැනීමට සැකකාර රියැදුරුට හැකියාවක් තිබිය යුතුය. විදේශිකයකු අතින් කිසියම් හෝ වැරැද්දක් සිදු වී නම්, එවැනි අවස්ථාවක වඩාත් ඉවසීමකින් කටයුතු කිරීමට ශ්‍රී ලාංකිකයකුට හැකියාවක් තිබිය යුතුය. බහින්බස් වීමෙන් නොනැවතී තානාපතිවරයාගේ ජීවිතයට පවා හානියක් සිදු විය හැකි අන්දමට තම රථය ධාවනය කිරීමට ද සැකකාර රියැදුරා කටයුතු කර ඇතැයි ද වාර්තා වී තිබිණි. එය සාපරාධී ක්‍රියාවක් බව ඔහු නොදැන සිටීමට හේතුවක් නැත.
ඉරාන තානාපතිවරයා මෙලෙස කොළඹදී පහරකෑමකට ලක් වීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කුමන ආකාරයක බලපෑමක් සිදු කරනු ඇති දැයි එකවර නිගමනයකට පැමිණිය නොහැක. මේ ගැටලුව එතරම් දුරකට නොයා විසඳාගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහෙත්, තානාපතිවරයකුට කොළඹ නගරය තුළ ආරක්ෂාවක් නැතැයි යන පණිවුඩය විදෙස් රටවල පැතිර යාම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට කිසිසේත් හිතකර නොවේ. සිනහවෙන් පිරි, මිත්‍රශීලි ජනතාවක් වෙසෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලොව පුරා දිනාගෙන සිටින විශ්වාසයට ද එය විශාල කැළලකි. හානියකි. විදේශිකයකු සමග කුඩා ප්‍රශ්නයකදී පවා අතේ පයේ හිරි ඇර ගැනීමට සූදානම් පුද්ගලයන්ට එයින් සිදු වන්නේ මහත් අවමානයක් බව තේරුම් ගැනීමට නොහැකි වීම මහත් අවාසනාවකි.
ඉරානය ජාත්‍යන්තර දේශපාලනයේ අහිතකර බලපෑම්වලට හසු වුණු, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සම්බාධකවලට දැඩි ලෙස මුහුණ දී සිටින රටකි. ඉරානය සමග ගනුදෙනුවලට යන රටවල්වලට එරෙහිව බලවත් රටවලින් ප්‍රබල අනතුරු ඇඟවීම් එල්ල වෙයි. එසේ තිබියදීත් ඈත අතීතයේ සිටම සංවර්ධන යෝජනාවලට ආධාර දෙන ඉරානය සමග ශ්‍රී ලංකාව මිත්‍ර සබඳතා දිගටම පවත්වාගෙන යයි. පසුගියදා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයා සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණියේ ඔවුන්ගේ ආධාර මත ඉදිකෙරුණු උමා ඔය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහාය. ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී ද ඉරානය ප්‍රධාන ගැනුම්කරුවෙක් ද වෙයි. අපේ ව්‍යාපාරිකයකු ප්‍රසිද්ධියේ පහර දුන්නේ එවැනි රටක තානාපතිවරයකුටය.
බලයෙන් හෝ ධනයෙන් හෝ ඒ දෙකින්ම හෝ හිස උදුම්මාගත් පුද්ගලයන්ට හොඳ නරක වැටහෙන්නේ නැත. කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා මෙන් මෙවැනි සිදුවීම්වලින් හෝ ඔවුන් නිසි පාඩමක් ඉගෙන ගත යුතුය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
bandara Tuesday, 21 May 2024 12:47 PM
කමක් නෑ. නීතිඥයෝ අත්පුඩි ගහලා පිළිගනියි.
සචින්ත Tuesday, 21 May 2024 02:57 PM
සැකකරුගේ රැකවලා කියලා තියෙන්නේ පිටුපස වාහනයේ සිටියේ තානාපති බව නොදැන සිටීම නිසා සමාවෙන්න කියලා තමයි.. ඒක ගරු විනිසුරුතුමා තුට්ටුවකට මායිම් නොකළ නිසා රටට සිදුවීමට තිබූ අපකීර්තිය මැකුනා කියලා හිතෙනවා යම්විදියකින් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ මෙහෙමයි කියලා ලෝකයේ මතයක් ඇතිවුණොත් රටට සෙතක් වේවිද?
nimal Tuesday, 21 May 2024 05:58 PM
බලයෙන් හෝ ධනයෙන් හෝ ඒ දෙකින්ම හෝ හිස උදුම්මාගත් පුද්ගලයින්ට හොඳ නරක වැටහෙන්නේ නැත. කෙසෙල් ගසට කෙටූ කොට්ටෝරුවා මෙන් මෙවැනි සිදුවීම්වලින් හෝ ඔවුන් නිසි පාඩමක් ඉගෙන ගත යුතුයි. විදේශය හෝ දේශීය පුද්ගලයෙකුට පහරදීම දඬුවම් ලැබිය යුතු වරදකි...
සෙනරත් Thursday, 23 May 2024 05:34 AM
ලංකාවේ ඉන්න ගෝත්‍රික උන් 99% මුල ඉදලාම මකබෑ කරලා ගන්න ඕනෑ
Lalith Thursday, 23 May 2024 09:04 PM
ඒ කාලේ පියානෝතුමා කොල්ලෝ දම්මලා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගේ වාහනේ හුළං ඇරියා වගේ වැඩක් මේක...!
Ranjith DISSANAYAKE Sunday, 26 May 2024 08:51 AM
මුදල් ඉපයීමේ හැකියාව ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතන්නේ තමන් රජවරුන් බවයි.
Nilu Tuesday, 28 May 2024 05:35 AM
අනෙක් අතට, අම්බසාදර් වැනි අය මිනිසුන් සමඟ වාද විවාද වල නිරත නොවිය යුතුය. මේ ලිපියෙන් මේ කොටස ගැන සාකච්ඡා කරලා නැහැ.
Thushari Tuesday, 28 May 2024 08:38 PM
ඇමෙරිකානු ඔත්තු සේවයට කුලියට සේවා සැපැයීමක් ලාංකිකයකුගෙන් සිදු වී ඇති හැඩයි...