IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්

මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.

 සේයාරුව මුල් පිටුවෙනි. එහි දැක්වෙන්නේ බොරැල්ලේ පැවැති මැයි රැලියකට සහභාගී වූ පාක්ෂිකයන් බැහැර කර තිබූ කැළිකසළ ඉවත් කරන සියලු සාන්තුවරයන්ගේ පාසලේ සිසුවියන් පිරිසකි.

 ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙවර මැයි රැලිවලට රුපියල් කෝටි 200ක් වියදම් කර ඇති බවය.

පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීමට රුපියල් කෝටියක් පමණ වියදම් වේ. එය නාස්තිකාර වියදමක් බව පොදු පිළිගැනීමය. එයට හේතුව එසේ රැස්වී ‘වැදගත්’ යමක් කතාබහ නොකරන බවට ඇති චෝදනාවය. කෑ කෝ ගැසීම්, බැණ අඬගැසීම්. රණ්ඩු දබර විනා ජන ජීවිතයට බලපාන, ජන ජීවිතය නගාසිටුවීමට යමක් හරවත් පලදායි සාකච්ඡා නොවන්නේ නම් සැබැවින්ම රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කර පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.

රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර පාර්ලිමේන්තුව රැස් කිරීම හා සමානවම රුපියල් කෝටි 200ක් වියදම් කර මැයි රැලි පැවැත්වීමද ගත හැකිය. එසේ මැයි රැලි පැවැත්වීමෙන් කම්කරුවාට අත්වූ සුගතිය කුමක්ද යන්න විමසිය යුතුය.

මෙයට පෙරත් අවධාරණය කළ පරිදිම මැයි දිනය කම්කරුවාගේ දිනය වේ. අහිමි කළ අහිමි වූ ජයග්‍රහණ සොයා හඹා යාමට කම්කරුවා පෙළගස්වන දිනය වේ. බන්දේසි මත තබා නොදෙන ඉල්ලීම් දිනා ගැනීමට සමස්ත කම්කරු පන්තියම එක මිටට ගොනු කරන දිනය වේ. එහෙත් මෙවරද කම්කරු දිනය ගෙවී ගියේද පෙර මෙන්ම කිසිවක්ම උරුම කර නොදෙමින් යන්න සත්‍ය වේ.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට පෙර පැවැත්වෙන අවසන් මැයි දිනය මෙය වීම නිසාම සෑම දේශපාලන පක්ෂයක්ම මෙවර මැයි දිනය යොදා ගනු ලැබුවේ තම තමන්ගේ පක්ෂවල මහන්තත්තකම පෙන්වීමටය. කම්කරු දිනය මෙන්ම කම්කරුවාද  පාවිච්චි වූයේ එයටද? ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වැය වුවද දේශපාලන පක්ෂවලට එය ප්‍රශ්නයක් නොවේ. අනෙකාට අපහාස කර තමන්ගේ පුරාජේරුව කියා ගැනීමට අවස්ථාවක් ලැබීම බොහෝ දේශපාලන නායකයන්ට අමන්දානන්දයට හේතුවකි.  තමන් පාවිච්චි වූ බව නොදන්නා කම්කරුවා මැයි 2 වැනිදා සිට පැරැණි පුරුදු විදියටම සකල අගති හිස මත දරාගෙන දහදිය වගුරයි.

කම්කරුවා යනු පන්තියකි. පන්තියක් යනු සංවිධානයකි. එය නිකම්ම නිකම් සංවිධානයක් නොව දේශපාලන සංවිධානයකි. එබඳු සංවිධානයක බලගතුම අවිය විනය වේ. එය හැඳින්වෙන්නේ සංවිධානාත්මක විනය ලෙසය. මැයි රැලිවලට සහභාගී වූයේ එබඳු නීතිගරුක විනයගරුක කම්කරුවන් නම් මැයි රැලි පැවැත්වූ ස්ථාන හා ඒ අවට කුණු කඳු ගොඩගැසෙන්නට හේතුවක් නැත.

විශේෂයෙන්ම ඊට පසු දින පාසල් දිනයක් බැවින් දරුවන් පාසලට පැමිණ ඇල්මෙන් අකුරු ඉගෙන ගත යුතු බව නොසිතන නොතකන, පුද්ගලයා සබුද්ධිකද යන්න විමසිය යුතුය. මැයි රැලි පැවැත්වූ බොහෝ තැන්වල තත්වය එසේමය.

පවතින ආර්ථික තත්වය හමුවේ වියදම් වැඩි වුණා යැයි දේශපාලන පක්ෂවලට පැවසිය හැකිය. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ පාක්ෂිකයන් ප්‍රවාහනය කිරීමට වැඩි වියදමක් දැරීමට දේශපාලන පක්ෂවලට සිදුවූ බවය. එයින් කියැවෙන්නේ කම්කරුවා හෝ පාක්ෂිකයා පැමිණියා නොව ඔවුන් රැගෙන ආ බවය. ඒ කෙසේ වෙතත් අපට වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය වේ. එය කුමක්දැයි මැයි දිනය අයිති කම්කරුවා සිහිපත් කළ යුතු දෙයකි.

(***)



අදහස් (2)

මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්

SISIL Sunday, 05 May 2024 02:22 AM

ප්‍රධාන වසයෙන් JVP පක්ෂය කෝටි ගණන මුදල් වියදම් කරමින් කම්කරුවා රවටමින් සිටියි. කම්කරුවා රවටමින් කම්කරු දිනය අවභාවිත කරමින් දේශපාලනය කරන්නා වූ පක්ෂ දේශපාලනයට විරුද්ධව කම්කරුවන් ඔවුන්ගේ හඬ අවදි කළයුතු වේ. කොළඹ නගරයේ නාට්ටාමි රැකියාව කරන පිරිස සහ කම්කරුවන් JVP දේශපාලනයට එරෙහිවන දිනය වැඩි ඈතක නැත...

:       5       2

සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:32 PM

සිසිල්, තමන්ගේ මෝඩකම සහ කුහකකම පේනවා, අරක්කු බාගයයි බත් පාර්සලයයි දීල මැදි දිනේට දක්කාාගෙන එන බේබද්දන්ට වඩා සැබෑ හැඟීමකින් පෙළපාළියට ඇවිත් පරිසරය පවිත්‍රකර යන පක්ෂයකට අවලාද නගන්නේ කුහකයන්ය.කොළඹ නගරයේ නාට්ටාමින් කුමටද ජවිපෙට එරෙහි වන්නෙ? වසර හැත්තෑවක් රවටපු බව නොදැන සිටීම කුමන කරුමයක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site