අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය අරමුණ කුමක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමකින් තොරවය. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ තමන්ට සහල් කිලෝ දහය ලබාදීමේ දී අවුරුදු උත්සවයක් සඳහා සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා යැයි කියමින් රුපියල් සීයක මුදලක් අඩු ආදායම්ලාභීන්ගෙන් අයකර ගන්නා බව දිඹුලාපිටිය, මනම්පිටිය අඩු ආදායම්ලාභීන් චෝදනා කරන බවය.
අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක් ලබාදීමේ ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්වය වර්ධනය කිරීමය. එම පවුල් තෝරා ගනු ලබන්නේ කිසියම් ප්‍රමිතියකට යටත්ව රාජ්‍ය නිලධාරීන්මය. එමෙන්ම එවැනි සහනාධාරයක් ලැබිය යුතුම පිරිස් තෝරාගෙන එම ප්‍රදානය කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසය වේ. එවැනි දරිද්‍රතාවයෙන් නොනැවතී බැට කන එම ජනයාට අමතර වශයෙන් රුපියල් සියයක් වියදම් කිරීමට නොහැකි යැයි අප මෙහි සටහන් කරනුයේ එම මිනිසුන්ට නිගා කිරීමට නොව මහ පොළොවේ ඇත්ත යථාර්ථය එයම වන බැවිනි. එම මිනිසුන් සමග කටයුතු කිරීමේ දී එම මිනිසුන්ගේ තත්වය එයට හිමි නිසි ප්‍රමාණයෙන් හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්ය. එය එසේ වන්නේ නම් මෙබඳු පුවත් අපට වාර්තා කිරීමට සිදු වන්නේ ද නැත.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ සහල් කිලෝ දහයක් ලබා ගැනීමට මනම්පිටිය ග්‍රාම නිලධාරි කාර්යාලයට පැමිණෙන විට රුපියල් සීයක මුදලක් රැගෙන ආ යුතු බවට දැනුවත් කළ බව ද එම මුදල ලබා දීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට අඩු ආදායම්ලාභීන් චෝදනා කරන බවය. එමෙන්ම මෙම ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ඉකුත් 21 වැනිදා ආරම්භ කර ඇත.
බොහෝ දුෂ්කර පළාත්වල රාජ්‍ය සේවකයන්ට රාජකාරි සිදු කිරීමට සිදුව තිබෙන්නේ බොහෝ දුෂ්කරතා අපහසුතා මැදය. ප්‍රවාහන පහසුකම් අහිමිවය. එබඳු දුෂ්කරතා රැසක් මැද රාජකාරි කරන රජයේ සේවකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අපි අගය කරමු. එහෙත් අඩු ආදායම් බව නිසාම සහල් කිලෝ දහයක හිමි කමකට උරුමකම් කියන ජනයාගෙන් අතිරේක වශයෙන් රුපියල් සීයක් අය කිරීම අනුමත කළ නොහැක.
අප පුවත්පත මෙම සිදුවීම සම්බන්ධයෙන් 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් දුරකතනයෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ, සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතිය එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවය.
සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පී. තුෂාරි මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ඉදිරියේ දී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවය.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඇල්. අමීන් මහතා ප්‍රකාශ කර තිබුණේ එලෙස සහල් ලබා දීමේ දී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත් එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්ය. එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳව ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
මෙම වරද ඉක්මනින්ම නිවැරැදි වනු ඇතැයි යන්න අපි විශ්වාස කරමු. එමෙන්ම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ තොරතුරු අනාවරණය කළේ එම වසමේ ජනයාට පමණක් නොව මුළු රටටම බව ද අවධාරණය කරමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ