lankadeepa.lk

ඉන්දියාවේ කොරෝනා සුනාමිය

2021 අප්‍රේල් මස 29 පෙ.ව. 10:05

3     4668

ඉන්දියාව අද හුස්ම ගැනීමට මාරාන්තික සටනක නිරතව සිටියි. බැලු බැලූ අත දර සෑවල දැවෙන සිරුරු, මහමගදී තමන්ගේ මාපියන්ගේ පාමුල මිය යන තරුණ දූ පුතුන්, ඔක්සිජන් නොමැතිව සොහොයුරු සොහොයුරියන් තම දෑත් මත මියයද්දී පවුලේ සමීපතමයන් නගන අඳෝනා ඉන්දියාව අද මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකයේ හරස්කඩකි.


lankadeepa.lk

මුලින් තමන් රැකී දෙවැනිව රටම රකින්න දායක වෙන්න

2021 අප්‍රේල් මස 27 පෙ.ව. 11:41

0     511

මුළු රටම බරපතළ අනතුරක මුවවිටට පැමිණ තිබේ. කොරෝනා තුන්වැනි රැල්ලක් පිළිබඳ භීතිය වඩවන පුවත් දස දෙසින්මය. මෙයට පෙර කොරෝනා පොකුරු යම් යම් ප්‍රදේශ හා ආයතන ආශ්‍රිතව මතුවුවද මෙවර විශේෂත්වය වන්නේ කොරෝනා පොකුරු රට හැම තැනින්ම මතුවීමය. ඒ අතරවාරයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කොළඹ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුන අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවය.


lankadeepa.lk

දියවන්නාව ගඳගස්වන වැඩ

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:14

3     849

බල්ලා, බූරුවා සහ පිස්සා වැනි වචනවලින් බැණ ගැනීමෙන් ද ඉන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර සිදු වූ ගුටිබැට හුවමාරුවකින්ද රටම කැළඹූ පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබිණි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් මේ තරම් දුරදිග ගියේ කාගේ වරදින්දැයි අපි නොදනිමු.


lankadeepa.lk

පොල් පලද‌ාව වනසන වන සතුන්ගේ ප්‍රශ්නය

2021 අප්‍රේල් මස 23 පෙ.ව. 11:11

2     2548

පොල් ඉඩම්වල පලද‌ාවට රිළවුන් සහ දඬුලේනුන් දැඩි හානියක් සිදු කිරීම පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් සෑම ඉඩමකම අස්වැන්නේ අඩකට වඩා වන සතුන් විනාශ කිරීම නිසා පොල්වගාකරුවන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් හක්මන ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.


lankadeepa.lk

හැමෝම සිතට ගතයුතු කොරෝනා අවදානම

2021 අප්‍රේල් මස 22 පෙ.ව. 10:43

1     1616

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛව රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අවදානම්සහගත අනතුරු ඇඟවීම කෙරෙහි රටේ මහජනතාව දැඩිව තම අවධානය යොමුකළ යුතු බවට කතා දෙකක් නැත. කොරෝනා පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පිළිබඳ අමිහිරි මතකය සිහිපත් කර ගැනීම මෙහිදී සියලු‍ දෙනාටම ඉතාම වැදගත් වනු ඇතැයි අපි සිතමු.


lankadeepa.lk

නෝර්වේ පොලිසියෙන් රටට-සැමට එකම නීතියක්

2021 අප්‍රේල් මස 18 ප.ව. 01:19

2     1699

කොරෝනා නීති කඩකරමින් තම සමීප ඥාතිමිත්‍රාදීන් කිහිප දෙනකු සමඟ සාදයකට සහභාගි වූ නෝර්වේ අගමැතිනි එර්නා සොල්බර්ග්ට එරට පොලීසියෙන් දඩයක් නියම කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත් විය. නව කොරෝනා වෛරසය පාලනයට පැන වූ තහංචි පිළිබඳ කිසිදු තැකීමක් නොකර උපන්දින සාදයක් පැවැත්වීම මේ දඩය පැනවීමට හේතු වී තිබේ. මේ උපන්දින සාදය වෙන අයකුගේ නොව ඇයගේම 60 වැනි උපන්දිනය බව ද සඳහන් වෙයි.


lankadeepa.lk

වගකීමෙන් වැඩ නොකළොත් ඉදිරි කාලය බරපතළ වේවි

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:13

0     499

අලුත් අවුරුදු උත්සව සමය කෙමෙන් ගෙවී යයි. අලුත් අවුරුද්ද උදාවන මොහොතේ අනාගතය සම්බන්ධයෙන් ඇතිකරගත් සුබවාදී ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙසිය යුතු පැය එළැඹ තිබේ. ඒ වෙනුවෙන් ඔබ වඩාත් වගකීම් සහගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


lankadeepa.lk

පාම් ඔයිල් තහනමෙන් බේකරිත් අමාරුවේ දානු එපා

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 11:11

9     2324

කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ්‍ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා නියෝග කළේය.


lankadeepa.lk

හිතුමතේ තීන්දු ගැනීමේ පලවිපාක

2021 අප්‍රේල් මස 08 පෙ.ව. 10:36

1     1815

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ නීතියට පටහැණිව බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අලි සබ්‍රි මහතා එම ප්‍රකාශය කළේය.


lankadeepa.lk

පොලිස් අණ නොතැකීම රටේ නීතිය බාල්දු කිරීමක්

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 11:17

3     4719

යාපනය, වඩමාරච්චි, වල්ලිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.


lankadeepa.lk

පළාත් සභා පනත කාලීනව වෙනස්විය යුත්තේ ඇයි?

2021 අප්‍රේල් මස 06 ප.ව. 12:49

0     350

පළාත් සභා මැතිවරණය යළිත් සක්‍රීය මාතෘකාවක් බවට පත් වෙමින් තිබේ. එය පවත්වන දිනය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ මත පළවිය. ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා වී තිබිණි.


lankadeepa.lk

පරිසර අලුත් ඒකකය ඉදිරි පියවරක්

2021 අප්‍රේල් මස 04 ප.ව. 05:45

0     688

පරිසරය සම්බන්ධයෙන් මේ දවස්වල ඇසෙන්නේම අවර ගණයේ කතාය. කැලෑ කැපීම්, සිංහරාජය ආසන්න ප්‍රදේශවල පරිසරයට හානිකර ඉදිකිරීම්, කඩොලාන පරිසර පද්ධති විනාශකර දැමීම්, කුඹුක් ගස් කපා දැමීම් මේ අතරින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද අවධානය දිනාගත් මාතෘකා අතර විය.


lankadeepa.lk

ආපනශාලාවල හොර මගඩි වැළැක්වීමට අවදියෙන් සිටිමු

2021 අප්‍රේල් මස 02 පෙ.ව. 11:22

2     2309

ආහාර නිෂ්පාදනයේදී එකම පොල්තෙල් කිහිප වරක් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ ආපන ශාලා වැටලීමේ මෙහෙයුමක් දියත් කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.


lankadeepa.lk

රාජ්‍ය සමාගම්වලින් ගසාකෑම නවත්වනු

2021 අප්‍රේල් මස 01 ප.ව. 12:46

1     1212

රාජ්‍ය සමාගම් අධික පාඩු ලැබීම රටේ ආර්ථිකයට දරාගත නොහැකි විශාල බරකි. මෙවැනි පාඩු ලැබීම්වලට අවසානයේ කර ගසන්නේ ආණ්ඩුව හෝ දේශපාලන බලාධිකාරිය හෝ නොවේ. මෙරට බදු ගෙවන පොදු මහජනතාවය. තමන් මිලදී ගන්නා අල ගෙඩියේ ලූනු ගෙඩියේ සිට ඔවුහු වක්‍රාකාරයෙන් මේ බරට කර ගසති. එසේම තමන් ගෙවන බදු රාජ්‍ය සමාගම් පාඩු පියවීමට යොදවාගැනීම හරහා ඍජු ලෙස ඔවුහු මුදල් සූරා ගැනීමට ලක්වෙති.


lankadeepa.lk

සමස්ත පොලිස් සේවයම අපකීර්තියට පත්කළ මදාවියා

2021 මාර්තු මස 31 පෙ.ව. 11:59

8     7247

මහරගම – පන්නිපිටිය මාර්ගයේදී ඉකුත් 29 වැනිදා පෙරවරුවේදී දෙනෝදාහක් ජනී ජනයා බලා සිටියදී ලොරි රථ රියැදුරෙකුට පහර දුන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පොලිසිය බාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘‘මකා හෝ පොලිසිය සුද්ධ කරනවා’’ යැයි මාධ්‍යයට කියා එහි උණුසුම පහව යෑමටත් මත්තෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයා මහ මග තම නිල ඇඳුම් උනා තබමින් යකා නැටූ හැටි මුළු රටම දුටුවේය


lankadeepa.lk

අනතුර සහමුලින්ම අවසන්යයි සිතනු එපා

2021 මාර්තු මස 30 පෙ.ව. 11:21

1     793

කොරෝනා වයිරසය ආසාදනය වූවන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග යාපනයේ තිරුනෙල්වෙලි හා පාට්පන්නෙයි ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි සඳහන් පුවතක් අප පුවත් පත ඊයේ වාර්තා කළේය. එමෙන්ම යාපනයේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් 29 වැනිදා සිට සතියක කාලයක් වසා දැමුණු බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.


lankadeepa.lk

පිළිකාකාරක පොල් තෙල් ගෙන්වීමට ඉඩදුන්නේ ඇයි

2021 මාර්තු මස 29 ප.ව. 02:44

4     1343

පිළිකාකාරක පොල්තෙල් රටට ඇතුළු වී තිබෙන බවට පැතිර යන කතාව පහුගිය දිනවල දැඩි ලෙස සමාජගත වී තිබිණි. එය පාර්ලිමේන්තුවේ දී පවා ප්‍රශ්න කිරීම්වලට ලක්විය. එම කතාවට අනුව විස සහිත පොල්තෙල් රටට ඇතුළු වී දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන්නැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී තිබූ බව ද ප්‍රකාශ විය.


lankadeepa.lk

බීමත් රියැදුරන්-කසිප්පු ජාවාරමුන් රටට පිළිලයක්

2021 මාර්තු මස 25 පෙ.ව. 11:54

1     936

බීමත්කමට තමන්ගේ පමණක් නොව දරු පවුල්වල අභිමානය පවා යට කිරීමට සූදානම් පුද්ගලයෝ මේ දහම් දිවයිනේ වෙසෙති. මේ බව ඇස් පනාපිට ඔප්පු වූ අවස්ථා දෙකක් පසුගියදා (23) අපගේ ලංකාදීප පත්‍රයේ පළවූ ප්‍රවෘත්ති දෙකක සඳහන් විය. ඉන් එක් ප්‍රවෘත්තියකට අනුව කසිප්පු පෙරා හසුවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දියණිය සුරාබදු කාර්යාලයේ ද පුතුන් දෙදෙනා ගුවන් සහ නාවික හමුදාවල සේවය කරන බව හෙළි වී තිබිණි.


lankadeepa.lk

අනුරපුර පුදබිමේ දුක්ඛිත ඉරණම

2021 මාර්තු මස 24 පෙ.ව. 11:44

5     3066

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිද්ධවන නිසා තවදුරටත් පූජා නගර සංවර්ධන රැස්වීම තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ප්‍රශ්න කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.


lankadeepa.lk

පස්සර ඛේදවාචකයේ වරදකරු කළු ගලද?

2021 මාර්තු මස 23 ප.ව. 01:05

9     3121

පස්සර දී අඩි 200ක් පමණ වන ප්‍රපාතයකට බස් රථයක් පෙරැළී එහි ගමන් කළ දාහතර දෙනෙක් අකාලයේ මරු වසඟයට ගියහ. තිස්දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුළු රටම ඒ මාරක විපතෙන් කම්පාවට පත්වූහ. මහමගදී නිමේෂයක් ඉවසීමට අසමත් අවිනීත රියැදුරන්ගේ නොසැලකිලිමත්කමට ජීවිතවලින් වන්දි ගෙවීමට අහිංසක ජනතාවට සිදුවී තිබේ.


lankadeepa.lk

නිල නිවාස දෙක ගානේ තබාගැනීම සදාචාරාත්මකද?

2021 මාර්තු මස 18 පෙ.ව. 11:08

9     4416

රජයේ ඇමැතිවරුන්ට හිමිවන බොහෝ වරප්‍රසාද අතරට නිල නිවාස ද අයිතිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ද මේ අයිතිය තිබෙන බව ද සඳහන්ය. ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ නගරය තුළ නිල නිවාස වරප්‍රසාදය ලබා දෙන්නේ ඔවුන්ගේ රාජකාරි කටයුතු පහසුවෙන් කර ගැනීමට සහ කාර්යබහුල කාලසටහනේ වේලාව ඉතිරිකර ගැනීම සඳහාය.


lankadeepa.lk

කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු

2021 මාර්තු මස 17 පෙ.ව. 10:58

2     1616

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ සහ බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබේ.


lankadeepa.lk

එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා

2021 මාර්තු මස 16 පෙ.ව. 11:31

3     2321

අමාත්‍යවරයකුට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා සකස් කරවා ගැනීමට ගතවන කාලය කොපමණදැයි නිශ්චිත නැත. එහෙත් එම කාලය මාස ගණනාවක් නම් විය නොහැක. කැබිනට් පත්‍රිකාවක් සැකසීමට මාස ගණනාවක් ගතවන්නේ නම් එය අමාත්‍යාංශයේ කාර්යක්ෂම බව පිළිබඳ ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න මතුවූ විට එයින් බැටකන්නේ අමාත්‍යවරයා නොව මහජනතාවයි.


lankadeepa.lk

සංවර්ධනය අවශ්‍ය වුවත් ජාතික උරුම වනසන්න දෙනු බෑ

2021 මාර්තු මස 12 ප.ව. 04:01

2     2459

වයඹ ඇළ ඉදිකිරීම සමග චීන කොන්ත්‍රාත් සමාගමක් ගලේවෙල ආඳ‌ාගල ප්‍රදේශයේ ගල් කොරියක් ඇරැඹීමට යන බව පවසමින් ප්‍රදේශවාසීන් එම වැඩ බිම ආසන්නයට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.


lankadeepa.lk

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි

2021 මාර්තු මස 11 පෙ.ව. 11:18

10     1796

රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.


lankadeepa.lk

රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු

2021 මාර්තු මස 10 පෙ.ව. 11:31

0     2526

හරියටම වසරකට පෙර මාර්තු මාසයේ මැද මේ සතිය අප ගෙවූ අවසන් සාමාන්‍ය සතිය විය. එහෙත් ඒ බව අපි කිසිවකුත් දැන නොසිටියෙමු. ලොවේ බොහොමයක් රටවල තත්ත්වය ද එසේම විය. එම සතියෙන් පසුව කොරෝනා වසංගතයේ කඩතුරාවෙන් මුළු රටම වැසී ගියේය. වසරක කාලය ඇති කළ වෙනසක අරුමයේ ප්‍රතිඵල අපි දැන් විඳිමින් සිටින්නෙමු. ඒ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමිනි.


lankadeepa.lk

එන්නත් පෝලිම කඩන්න දෙනු එපා

2021 මාර්තු මස 09 පෙ.ව. 11:17

0     2186

මෙරටින් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වී වසරක් ගත වනවිට වයිරසයට එරෙහි එන්නත්කරණය ආරම්භ වී තිබීම විශාල සහනයකි. ඉදිරි කාලය තුළදී රෝගය පැතිරීම වළක්වා ගැනීම පිළිබඳව කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ද එන්නත උදව්වකි. එම එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයකට සිදුකරගෙන යාම මෙහිදී විශේෂයෙන් වැදගත් වෙයි. කොරෝනා වසංගතය පාලනය කරගැනීමේ යතුර එන්නත බැවිනි.


lankadeepa.lk

මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ වැරැදි හදාගැනීම වැදගත්

2021 මාර්තු මස 05 පෙ.ව. 11:21

2     1345

මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙරට සියලු‍ම දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, රජයේ නිලධාරීන් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරමින් එම අමාත්‍යාංශය මගින් දැන්වීමක්ද පළ කර තිබිණි.


lankadeepa.lk

ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත්

2021 මාර්තු මස 04 ප.ව. 01:57

11     5334

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මේ දිනවල සාකච්ඡා වෙමින් තිබේ. එම යෝජනාව ගෙන ඒමට පිඹුරුපත් සැකසූ කණ්ඩායම වෙනුවෙන් එය ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයට බාර දෙනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යය මගිනි. පසුගිය සතිය අවසාන වනවිට රටවල් 40කට අධික සංඛ්‍යාවක විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම රට රාජ්‍යවල ස්ථාවරය පැහැදිලි කර තිබිණි. එම යෝජනාව ඡන්දය විමසීමකට යොමුකරනු ඇතිදැයි ඉදිරි දිනවල දී තීරණය වීමට නියමිතය.


lankadeepa.lk

නිර්මාණ කොපි කිරීමේ කලාකරුවන්ගේ කලාව

2021 මාර්තු මස 03 පෙ.ව. 10:46

13     14579

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ ගීතය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදාගැනීම කලා ලෝකයේත් විද්වත් සංවාද මණ්ඩලවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. අදාළ චෝදනාව එල්ලවන්නේ මෙරට සිටින ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්ටය. ‘ඇඩ්‍රස් නෑ’ ගීතය වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා යොදාගෙන තිබෙන්නේ ඔවුන්ගේ ආයතනයකින් වීම එම චෝදනාවට පදනම වේ.