උඩට ගත් හුස්ම පොද පහත හෙළන්නට අමතක කරවන තරමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තිය අතිභයංකර වූවකි. එමෙන්ම ඇස් මානයෙන් එපිට ක්‍රියාත්මක දරුණු මාෆියාවක් සම්බන්ධ ප්‍රවෘත්තියකි. ප්‍රවෘත්තිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුව ය.
නඩුව විභාගවන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊ මේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් හිතාමතාම මකා දමා ඇති බව ය.
අධිකරණ ක්‍රියාවලියේ දී සාක්ෂි අතිශයින් ම වැදගත් ය. අවසන් තීන්දුවට පැමිණීමේ දී එම සාක්ෂි සාධක කරගැනීම සිදුවේ. එහෙයින් ඇතැම්හු එම සාක්ෂි මකා දැමීමට, අතුරුදන් කිරීමට වෙහෙසෙති. ඒවා සාර්ථක වූ අවස්ථා ද නැත්තේ නොවේ. එමෙන්ම සාක්ෂි මකා දැමීම, අතුරුදන් කිරීම සරල, පහසු ක්‍රියාවක් නොවේ. එය පියවි ඇසට නොපෙනෙන තරමේ සියුම් ක්‍රියාවලියකි. එමෙන්ම සාමාන්‍ය පුද්ගලයකුට එය කළ නොහැකි ය. එමෙන්ම තමන්ට අතිමහත් ලාබයක් නොලැබෙන්නේ නම් එවැනි බිහිසුණු ක්‍රියාවකට සම්බන්ධ නොවනු ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ දත්ත මකා දැමීමේ ක්‍රියාදාමයත් සමග පෙර සඳහන් කර ඇති කරුණු නිතැතින්ම සිහියට ඒම වැළැක්විය නොහැකි ය. එය වූ කලී බිහිසුණු කුමන්ත්‍රණයක් බව පැහැදිලි ය. වෞර කප්පිත්තන්ට රට තුළ එවැනි කුමන්ත්‍රණ මෙහෙයුම් දියත් කළ හැකි පරිසරයක් තිබේනම් රට බරපතළ අනතුරකට ලක්ව ඇති බව වටහා ගැනීම කළ යුතුය.
2021 වසරේ මැයි මස 19 වැනිදා මෙරට මුහුදු සීමාවේ දී නැව ගිනිගත්තේ ය. එම ගිනිබත්වීම ඉතිහාසයට එක්වූයේ ලෝකයේ සහ දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණය ලෙස ය. එවැනි බැරෑරුම් සිදුවීමක් සම්බන්ධයෙන් පෙර කී ආකාරයේ තත්වයක් නිර්මාණය වී ඇත්නම් එය කිසි ලෙසකින් හෝ සරලව ගත නොහැකි ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරික්ෂකවරයා කළ ඩිජිටල් වෝහාරික පරීක්ෂණයෙන් දත්ත මකාදැමීම අනාවරණය වී ඇති බව ය. මෙම දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධවූවෝ කවරහු ද? එසේ කර ඇත්තේ කාගේ වුවමනාවට ද? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ දේශීය ආයතනයක් හරහා විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියෝග නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ ආරම්භයේ සිටම එහි කටයුතු සිදුවූ ආකාරය ප්‍රශ්නගත විය. මෙවැනි බැරෑරුම් අවස්ථාවක දී අනුගමනය කළ යුතු පියවර අනුගමනය කළේ ද යන්න සැකයට බඳුන් විය. එමෙන්ම රාජ්‍යතාන්ත්‍රිකභාවයක් තිබුණේ ද යන්න පිළිබඳව සැක සංකා මතු විය. නෞකාවේ ගින්නෙන් වූ අලාභය පිළිබඳ තක්සේරුව ද ප්‍රශ්නකාරි විය. දැන් අනාවරණය වන්නේ නෞකාවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් මකා දමා ඇති බව ය.
දත්ත අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සුදුසු ආයතනයකින් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් කඩිනමින් කරන ලෙසට නියෝගයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නිකුත් කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන් ය.
මෙම පරීක්ෂණය දෙස මුළු රටම අවදියෙන් බලා සිටිය යුතු බව අපි අවධාරණය කරමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත මැකුවේ කාගේ වුවමනාවටද?
චන්දිම Thursday, 20 June 2024 01:03 PM
එදා සිටි අදාල විෂය භාර ඇමතිවරයාට අපේ රටට එරෙහිව සිදුකල මේ විශාල විනාශය ගැන සාධාරණය ලබාගැනීමට කටයුතු කිරීමට කිසිම උනන්දුවක් උවමනාවක් තිබුනෙම නැති විදියටයි කටයුතු කලේ. අදාළ ආයතනවල නිලධාරිනුත් අහවල් දේ හරියට කලා කියල පෙන්න කිසිම දෙයක් කරලා නැහැ. හරිනම් ඔවුන් මේ ගැන කොච්චර වැඩ කරන්න ඕනිද? දැන් හැමෝම ඉන්නේ මෙහෙම දෙයක් වුනේ නැහැ වගේ. කවදාවත් මේක මේ පාලනය යටතේ කරයි කියලා කීයටවත් හිතන්න වත් බැහැ. ඊළඟ දශකයේදී අපේ මුහුදේ මාළු කන මේ රටේ මිනිස්සුන්ට වසවිස නිසා පිළිකා වැනි රෝග රැසක් ඇතිවේවි. අද මේ රට ලෝකෙන්ම අවාසනාවන්ත රටක් වෙලා.
Lankabarana Friday, 21 June 2024 12:47 PM
පාර්ලිමේන්තුවට මෙහෙම දේවල් වැලැක්වීම සදහා අතීතයට බලපාන ආකාරයට නීතියක් ගෙනවිත් එයට සම්බන්ධ සියලු දෙනාටම අවම වශයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පැමිණ වීමට කටයුතු කරන්න ඕන මෙයින් වෙලා තියෙන්නෙ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවෙයි කියන්න බැහැ මෙහිදී හිටපු ඇමති ,අධිකාරියේ හිටපු සභාපති කාන්තාව,ප්‍රධාන වශයෙන්ම දඩුවම් ලබන්න ඕන පිරිසක් වෙනවා