පටාචාරා කතාවස්තුව නූතන යුගයේ සිහිගන්වන සිද්ධියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවෙන් වාර්තා වී තිබේ. එම තොරතුරු හෙළිකරන අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහන් කරන අන්දමට ලේකැටි බිලිඳකු ද ඇතුළුව කුඩා දරුවන් සිවුදෙනකු සිටින තරුණ මවකට තම ස්වාමියා පසුගියදා අහිමි විය. ඔහු හදිසි අනතුරක් හේතුවෙන් මෙලොව හැර යද්දී මේ දරුවන් සිවුදෙනා සමඟ තනි වූ මවගේ නිවසේ විදුලිය ද ජලය ද කපා තිබිණි. බිල් නොගෙවීම හේතුවෙන් එම පහසුකම් ද අහිමි ය. තම සැමියාගේ අවසන් කටයුතු කර ගත්තේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බව ද ඇය සඳහන් කරයි.
කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධම්මකිත්ති හිමියන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් ද මේ මවගේ අසරණකම කොතරම් බරපතළ ද යන බව තවදුරටත් සනාථ කරයි. උන්වහන්සේ පවසා ඇත්තේ මොවුන් ප්‍රදේශයේ ඉතා අන්ත අසරණ පවුලක් බවත් මියගිය ස්වාමියා මේ දරු පවුලට හොඳින් සැලකූ අයකු බවත්ය. එසේම ලයිට් කපා වතුර කපා අවසානයට දරුවන්ට පියකු බිරිඳට ස්වාමිපුරුෂයකු අහිමි වී සිටින මේ පවුලට උදව් උපකාර කිරීම මහත් ආනිසංස ලැබෙන ක්‍රියාවක් බවද බුදු බණ මතක් කරමින් උන්වහන්සේ වදාළෝය. එය එසේම විය යුතු බවත් මේ දරු පවුලට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන අපගේ පාඨකයන්ට ඒ සඳහා සහායවීමට ලංකාදීපය සූදානම්වව සිටින බවත් දැනුම් දීමට කැමැත්තෙමු.
කටුමැටි ගෙයක ජීවත්වෙමින් සිටි මේ දරු පවුලට ගෙයක් සාදා ගැනීම සඳහා රජයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 06 ක මුදලින් ඉන්න හිටින්න හැකිවන සේ යන්තමින් ගෙයක් සාදා ගැනීමට ද මියගිය ස්වාමියා මහන්සි වී කටයුතු කළ බව ද මේ ‘නූතන පටාචාරාව’ ප්‍රකාශ කර තිබිණි. වෙනත් බොහෝ පුද්ගලයන් මෙන් නොව මේ අසරණ පවුලේ ප්‍රධානියා ආදර්ශවත් අයුරින් ක්‍රියා කළ පුද්ගලයකු බව එම ක්‍රියාවෙන් පැහැදිලි වෙයි. අතට ලැබෙන හැම සතයම කසිප්පු බීමට වැයකර ඒ මතින් පැමිණ තම බිරියට සහ දරුවන්ට පහර දී අතේ පයේ හිරි ඇරගන්නා කාලකණ්ණි සැමියකු නොවී දරු පවුල කෙරේ සෙනෙහසින් ක්‍රියා කළ ආදර්ශවත් සැමියකු වූ ඔහුගේ දරුවන්ටත් බිරියටත් ජීවත්වීමට හැකි අයුරින් උදව් කිරීම මේ අවස්ථාවේ අප සියලු දෙනාටම කළ හැකි ඉහළම කාර්යය බව පෙන්වා දෙමු.
මෙම සිද්ධිය අපේ රටේ ආර්ථික අර්බුදයේ සැබෑ මුහුණුවර පෙන්වන එක් අවස්ථාවක් පමණක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් සහ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් දැරිය නොහැකි මට්ටමට නැංවූ විදුලි ගාස්තු ගෙවා ගැනීම මෙරට බොහෝමයක් ජනතාවට බරපතළ ගැටලුවක් ඇති කළ බව නොරහසකි. ආර්ථික අර්බුදය ඇතිකළේ රටේ ජනතාව නොවේ. විදුලිබල මණ්ඩලය අහිතකර තීරණ ගත්තේද ජනතාවගේ කැමැත්ත අනුව නොවේ. එහෙත් මේ සිදුවීම්වලින් බැටකන්නේ මැති ඇමැතින් ඇතුළු දේශපාලනඥයන් හෝ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හෝ නොව රටේ පොදු මහජනතාවයි. කැබිතිගොල්ලෑවේ සිද්ධිය ඒ බව පෙන්වා දෙන එක් අවස්ථාවක් පමණි. ලයිට් කැපුණු, ජලය කැපුණු අසරණ පවුල් දහස් ගණනක් මේ රටේ සිටිති. ඔවුන් බොහෝ දෙනකුට තමන්ගේ දුක කියාගත හැක්කේ මෙවැනි ඛේදවාචකයකදීම පමණි. එය සමස්ත යථාර්ථයයි.
කැබිතිගොල්ලෑවේ දරු පවුලට හැකි සියලු දෙනා ආධාර කළ යුතු වුවද එය මේ සිද්ධිය මතුකර පෙන්වන සැබෑ ගැටලුවට නිසි විසඳුම නොවේ. තමන්ට යාමට ඒමට හොඳ වාහනයක් නැතැයි ප්‍රකාශ කරමින් කාර් පර්මිට් ඉල්ලන එසේම තම ගජ මිතුරන්ට බාර් ලයිසන් අරන් දෙන, තමන්ගේ රක්ෂාවරණය තම දරු පවුල්වලට ද අදාළ කරන්නැයි ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ද ලයිට් කැපූ වතුර කැපූ අසරණ දරු පවුල් දහස් ගණනක් රටේ සිටින බව සැමවිටම සිහිපත් කළ යුතුය. බලය ලැබුණු පසු ජනතාවගේ ප්‍රශ්න සියල්ල අමතක කර තමන්ගේ බඩගෝස්තරය සොයා ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන මන්ත්‍රීවරුන්ගේ ඇස් ඇරවීමට ද කැබිතිගොල්ලෑව සිද්ධිය හේතුවනු ඇතැයි අපි සිතමු.
(***)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කැබිතිගොල්ලෑව සිද්ධියෙන් කියන සමාජයේ යථාර්ථය
Weerasekara Thursday, 30 May 2024 11:59 AM
මෙවැනි දේවල් ගැන 1988-89 කාලයේ පවුල් අනාථ කර ඒවා අමතක වෙලා වගේ ඊළඟ ජනාධිපතිවරණය ජයගෙන ඔටුන්න පළඳින්නේ බලාගෙන සිටින පක්ෂයේ කිසිම කෙනෙක් කිසිදාක මෙවැනි දේවල් ගැන වචනයක් කියන්නේ නැහැ.. මොකද ඒවා තමයි ඔවුන් පැවැති රජයන්හි අඩුපාඩු ලෙසට පෙන්වන්නේ අපි දන්නා හැටියට නම් ඔවුන් කිසිවෙකුට එක රුපියලකින් ආධාරයක් කරපු බවක් අහලා නැහැ. ඒ සමග කියන්න තියෙන්නේ පක්ෂයේ නායකයා ඉන්න ප්‍රදේශයේම මෙහෙම දේවල් අහන්න ලැබීම තමයි. ඇත්තටම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී හෝ ඔහුට මේවා පෙන්වමින් අඩුපාඩු සකසන්න තිබුනේ නැද්ද? ඒ අතින් රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් තමන්ගේ පදිංචි දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවට ගොස් කොළඹ අයටත් සහන සලසන්න කටයුතු කළා කියලා පුවත්පත් වාර්තාවක් තිබුණා. වෙසක් අවසන් වෙලා පොසොන් පිංකම් වෙලාවේ සැදැහැවතුන් මේ දරුවන්ට උදව්වක් කරනවා නම් ලොකු පිංකමක් වෙනවා...
hesaMonday, 03 June 2024 11:40 AM
තමන්ගේ මල්ල පුරෝ ගන්නම දත කන වුනට රට ගැන කැක්කුමක් නැහැ එදා සිට මේ දක්වා කල මුග්ධ ක්‍රියා වලට සොබා දහමින් විපාකයනට පල දීම තවම නතර වී නැත කිසිදා එවුන්ගේ අරමුණ ඉටුකර ගන්න ලැබෙන්නේද නැත