IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි බිලේ සහනය ජනතා අපේක්ෂාව ඉටුකිරීමක්

ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සම්බන්ධ විවිධ මතවාද තිබුණද ලංකා විදුලි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව අප පුවත්පත වාර්තා කළ දිනයේදීම විදුලි පාරිභෝගිකයාට අදාළ වැදගත් ප්‍රවෘත්තියක් ද අප පුවත්පත වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියවුණේ විදුලි බිල ලබන ජූලි මාසයේදී අඩු කිරීමට  විදුලි බල මණ්ඩලය යෝජනා කරන මිල ගණන් ලැයිස්තුව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

මෙරට සාතිශය බහුතරයක් ජනයා දැවැන්ත ආර්ථික අර්බුදයකින් පෙළෙන බව ඉතා පැහැදිලිය. කොරෝනා මාරාන්තික වයිරසයත්, රට කළ පිරිස් ගත් මුරණ්ඩු හා අමනෝඥ තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්විය. එම අර්බුදයේ බලපෑම ජන ජීවිතයට දැනෙන්නට පටන් ගත්තේ වාත වේගයෙනි. බඩු මිල අහස උසට ඉහළ ගියේය.

 තිබූ රැකියා අවස්ථා අහිමිවීම්, අමතර ආදායම් මාර්ග වැසීයාම් මෙන්ම අලුත් ආදායම් මාර්ග විවර නොවීම නිසා ජනයා බරපතළ ලෙස පීඩාවට පත්ව සිටිති. රජයට ආදායම් මාර්ග ඇහිරී යනවිට එයට පිළියම ලෙස ආදේශ වූයේ ජනයා ආවේෂ වන තරමට බදු පිට බදු ගැසීමය. විදුලිය බිල හා ජල බිල ඉහළ දැමීමය. විදුලිය බිල ඉහළ දැමීම ගහෙන් වැටුණ මිනිහට ගොනා  ඇනීමටත් එහා ගිය දුක්ඛිත අත්දැකීමක්ම විය.

‘නීතිය  යනු ශීලයක් නොවේය’ යන්න  දැන උගත් සමාජය ඉහළින් අගය කරනු  ලබන පිළිගැනීමකි. එමෙන්ම නීතිය යනු ජනයා පීඩාවට පත් කරනු ලබන මර්දනකාරී මෙවළමක් නොවේ. එහෙත් විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයන්ගේ හැසිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි තරම්ය. විදුලිය බිල නොගෙවීම දෙස මානුෂවාදීව හා සානුකම්පිතව බැලීමට තරම් විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයෝ ශිෂ්ට නොවූහ. ඉතා අඩු හිඟ මුදලටත් ඔවුහු විදුලිය විසන්ධි කළහ. විදුලිය බිල ගෙවීමට නොහැකි තරමට බංකොලොත් වී සිටි ජනයාට අවසානයේදී විදුලිය සැපයුම යළි ලබා ගැනීමට දැරිය නොහැකි තරමේ අමතර වියදමක් දැරීමට සිදුවිය. ජූලි මාසයේ සිට විදුලිය බිල අඩු කිරීමේ මිල ගණන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පවසන ප්‍රවෘත්තිය සාතිශය බහුතරයක් ජනයාට ශුභාරංචියක්ම වන්නේ මෙම පරිසරය තුළය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇති ආකාරයට ඒකක බින්දුවේ සිට තිහ දක්වා පාරිභෝගිකයන් ලක්ෂ දහ අටකගෙන් ඒකකයකට අය කරන රුපියල් 8ක මුදල 6 දක්වාත් ඒකක 30ත් 60ත් අතර  ලක්ෂ විස්සකගේ පිරිසෙන් ඒකකයකට අය කරන ගාස්තුව වන රුපියල් 20-11 දක්වාත් අඩු කිරීමට යෝජනා කර ඇත.

ඒකක 60ත් 90ත් අතර ලක්ෂ 15ක පමණ පිරිසකගෙන් ඒකකයකට අය කරන රුපියල් 30ක ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමටත් ඒකක 120ක් පාවිච්චි කරන පිරිසගෙන් ඒකකයට අය කරන රුපියල් 50ක ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කිරීමටත් අමාත්‍යවරයා යෝජනා කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය.

වැඩි කළ ප්‍රමාණයට සරිලන  ආකාරයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. එය ශක්‍රයාට නොව ශක්‍රයාගේ පුතා වයිමාටවත් කළ නොහැකි බව ආණ්ඩුව කියනු නිසැකය. එමෙන්ම ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමට විදුලිය බිල ඉහළ යාමද බලපෑවේය. ඇතැම් ආහාර වර්ග නිෂ්පාදනයට මෙන්ම භාණ්ඩ නිෂ්පාදනයට විදුලිය ඍජුවම අවශ්‍යවීම එයට හේතුවය. එසේ නම් විදුලිය බිල අඩුවීම එම භාණ්ඩ හා ද්‍රව්‍යවල මිල අඩුවීමට හේතු විය යුතුය.

මහජනයා සිටින්නේ තොග පිටින් සහන අපේක්ෂාවෙනි. කවුරුත් ඒ බව තරයේ සිහි තබා ගත යුතුය.

(***)



අදහස් (2)

විදුලි බිලේ සහනය ජනතා අපේක්ෂාව ඉටුකිරීමක්

Chaminda Sunday, 09 June 2024 01:12 PM

ආ ඒ කියන්නේ විදුලි බිල දරාගන්න බැරි තරම් වැඩිකලේ ඡන්දේ කිට්ටුව අඩුකරන්න බලාගෙන නෙමෙයිද?

:       39       1

Vithana Monday, 10 June 2024 03:52 AM

විදුලි බල මණ්ඩලේට අරක් ගත්තු ඩීසල් විදුලි මාෆියා කාරයෝ, වෘත්තීය සමිති මාෆියා කාරයෝ ඉවරයි. ඒ මාෆියා කාරයෝ තමන්ගේ පුද්ගලික ව්‍යාපාර කරමින් විදුලි බිල අහස උසට යන්න සැලස්සුවා. මේ මාෆියා කාරයින් පිටුපස විපක්ෂයේ දේශපාලන පක්ෂ හිටියා. පූනරීන් සහ උමා ඔය විදුලි බල ව්‍යාපෘති කඩාකප්පල් කරලා විදුලි බිල අහස උසට නංවලා, පැය ගණන් විදුලිය විසන්ධි කරන තැනට පත් කළේ ඔවුන්. මේ සියළුම දෙනා පරාජය කරලා ජනතාවගේ අවශ්‍යතාවට මුල් තැන දීලා, ජනදුක නිවන්න සැලසුම් කිරීම ගැන මේ ආණ්ඩුවේ නායකයින්ට ප්‍රණාමය පුද කර සිටිනවා...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site