IMG-LOGO

රනිල් අත්අඩංගුවට ගනියි

(අංජුල මහික වීරරත්න සහ රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය ලබා දීමට අද පෙරවරු නවයට පමණ පැමිණියේය.

පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට පත්විය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.

 



අදහස් (41)

රනිල් අත්අඩංගුවට ගනියි

prasanna Friday, 22 August 2025 01:29 PM

විකාර තමයි...

:       109       269

ප්‍රියන්තFriday, 22 August 2025 03:38 PM

මොහු අත්අඩංගුවට ගන්නා ලද්දේ, දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක වන රටේ උත්තරීතර නීතිය විසින් බවත්, මාලිමාව හෝ ජවිපෙ හෝ අනුර කුමාර ජනපතිතුමා විසින් හෝ නොවන බවත් මන්දබුද්ධිකයන්ට නොතේරේ...

:       208       86

එක මිටට... Friday, 22 August 2025 01:41 PM

කොහොමත් මේ අත්අඩංගුවට ගැනීම වෙනවා කියලා ඊයේ එක්කෙනෙක් කැට තියලා YouTube එකේ ලෝකෙටම කියලා තිබ්බනේ. අහෝ ඔබ මැවූ නීතියේ ආධිපත්‍ය පුදුමයි දෙවියනි...

:       21       80

nipuna Friday, 22 August 2025 01:45 PM

කමෙන්ට් දාන බලකායට වැඩ වැඩිවෙන ප්‍රවෘත්තියක්...

:       2       82

Angna Kouross Friday, 22 August 2025 01:47 PM

නියමයි...!

:       169       58

Pankumburage Friday, 22 August 2025 01:47 PM

පළපුරුදු කට්ටිය කරලා තියෙන්නේ හොඳට...!

:       152       108

Asela Friday, 22 August 2025 01:52 PM

යූ ටියුබ්කරු දැනුම් දුන් පරිදි, ඔහු අත්අඩංගුවට ගෙන ඇත. රෙජීමය රුසියානු වර්ගයක සියලු ලක්ෂණ ඇත. ක්‍රීඩාව ආරම්භ වී ඇත...

:       72       147

වින්සන්ට් කජ්ජා Friday, 22 August 2025 04:35 PM

ඥාණක්කා කියන්න ඇති...

:       102       13

sosad Friday, 22 August 2025 01:55 PM

පහුගිය කාලේ පුරාම නිවනක් නැතිව හිටි ඩෝබිලා වෙනුවෙන් අද සිට පෙන්වන නවතම චිත්‍රපටිය. පැලවත්තේ නිෂ්පාදනයක්, රස ආකරයක්... සීමිත දින ගණනකට පමණි.

:       87       175

Nandana Friday, 22 August 2025 01:56 PM

මාලිමා ආතල්...

:       86       166

ප්‍රොමිස්...කා Friday, 22 August 2025 01:57 PM

ඕවාට රිටර්න් හම්බ වෙනකොට මේ පැත්තේ නම් එන්න එපා පඟරනැට්ටෝ...

:       89       147

cHIN Friday, 22 August 2025 02:01 PM

මහජන බදු මුදලින් සැප ගත්ත තව රංචුවක්ම ඉන්නවා, ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වනතෙක් සිටිමු...

:       139       47

අන්_ර Friday, 22 August 2025 02:08 PM

රනිල්ව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියලා ඩෝබි සුදාට කලින්ම කිව්වේ කවුද? මම වත්ද?

:       15       132

achini Friday, 22 August 2025 02:08 PM

අනේ අපේ මහින්ද මහත්තයාට උණ ගැනිලාලු... පව්...!

:       128       37

Shantha - Qatar Friday, 22 August 2025 02:18 PM

ඊළඟ සතිය මීටත් වඩා අමාරු වෙයි.

:       70       48

suraweera Friday, 22 August 2025 02:19 PM

RW හිටපු ජනපතිගේ පෙර වැරදි ගැන මට තර්ක නැහැ. ඔයකියන දේවල් වෙන්ඩත් ඇති, නොවෙන්ඩත් ඇති. හැබැයි මේක තනිකරම JVP කුහකකම එලියට දැමීමක්, 1/.JVP රට විනාශ කරද්දී කොන්ද පණ ඇතිව ඒවා මර්දනය කළා, එහෙම නොවෙන්න අද රට තුන හතරට කැඩිලා... 2/.සාම ගිවිසුමක් ගහලා LTTE එක අඩපණ කළා... 3/.ගෝඨාභය යවලා පර්ලිමෙන්ට් එක විනාශ කරන්ඩ එනකොට ඒක මර්දනය කළා... ඔය වගේ ජනප්‍රිය නොවන තීරණ ගොඩක් ගත්තා. මේ රට විනාශ වෙන්ඩ තිබුුණු රටක්, කොළබ මිනිස්සු වී ගෙනත් stock කළා... කන්න නැතිවෙයි කියලා, මැටි රොටි ගැන කථා කළා, JVP එක හැමතැනම වර්ජනය කරනකොට හැමදේටම හොදින් හෝ නරකින් හැමදේම කළමනාකරණය කළා. මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක jVP එක තවත් මට නම් එපා වෙනවා. අපිට අවශ්‍ය නායකයෝ මිසක් ජෝකර්ලා නෙවෙයි...

:       89       168

ගුණරත්න Friday, 22 August 2025 02:19 PM

අත්අඩංගුවට අරන් තියෙන්නේ විදේශ සංචාරයක් ගියා කියලා. බුහ හා. මේවා නම් මහා විහිලු. ආණ්ඩුව තව කිච වෙන එක විතරයි වෙන්නේ...!

:       57       156

Hafeel Friday, 22 August 2025 02:33 PM

අනුරට සහ මාලිමාවට ඡන්දය දීපු එක දැන් වටිනවා...

:       140       92

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 22 August 2025 02:35 PM

ප්‍රධාන ප්‍රශ්න, මහ බැංකු යටගියා... මේවා ඉතින් ඩ්‍රාමා තමයි. මහ මොලකරු හිනාවෙනවා ඇති...

:       39       86

tissa senanayaka Friday, 22 August 2025 02:36 PM

මහා විනාශයක ආරම්භය...!

:       39       128

මහසෙන් Friday, 22 August 2025 02:39 PM

මේ මොහොතේ රජයට එරෙහිව ඇතිවෙමින් පවතින විරෝධයට සහ යූ ටියුබ් කරුවන් චූන් කිරීම උදෙසා මේ අත් අඩංගුවට ගැනීම සිදුවුනි නම් අවසානයේ සිදුවන්නේ ද්‍රෝහීයා වීරයෙක් වීම පමණි...

:       41       88

සමන් Friday, 22 August 2025 02:39 PM

වහා නිදහස් කරනු!!!

:       53       168

රනේ Friday, 22 August 2025 02:44 PM

ඇතුලේ කැබිනට් එක හෙමින් පටන් ගන්න.. අනිත් අයත් ළඟම එනවා.

:       137       49

අරවින්ද මොණරවිල Friday, 22 August 2025 02:48 PM

මාලිමාවට ඡන්දය දුන් ජනතාවට ආඩම්බර වෙන්න පුළුවන්, ලොකුද පොඩිද බලවත්ද දුබලද බේදයක් නැතුව නීතිය ක්‍රියාත්මක වෙනවා. පොහොට්ටු අලි ටෙලිෆෝනය හවුලට ඡන්දය දුන් බයි සංසදය වැලපුණාට..!

:       136       75

sosadFriday, 22 August 2025 03:00 PM

පරක්කු මොකද බැලුවා. හොඳ හොඳ හිටපු ඒවා වනලා කරලා එන්න එපෑයෑ ඉතින් නේද? ඔහෙලා පවු ඉතින්. නීතිය කෙරෙන හැටි ඊයෙම කියලා තිබ්බා යූ ටියුබ් චැනල් එකක. ඒකෙන්ම පේනවනේ නීතිය කෙරෙන විදිහ. පෙරහරින් සල්ලි එකතු කරන්න ගිය කෙනාට මුකුත් නීතිය නෑ හැබැයි.

:       29       138

යෝගා Friday, 22 August 2025 02:52 PM

රාජකාරි ගමනක් ගිහින් එන ගමන් අතරමග තමන්ගේ පුද්ගලික කටයුත්තකට යෙදුණාට රනිල් අත්අඩංගුවට... කන්ටේනර් 323 හොරට පන්නලා රටට කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුකරපු බිමල් නිදහසේ. පට්ට ස්වාධීන සීඅයිඩියක් ඕයි...

:       50       127

ප්‍රියන්තFriday, 22 August 2025 03:59 PM

ඒ පුද්ගලික ගමන ගියේ රටේ ජනතාවගේ සල්ලි මිලියන ගනනක් වියදම් කරලා කියලවත් මේ යෝගා දන්නේ නෑ.

:       103       25

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 22 August 2025 02:53 PM

අව්ලක් නෑ. මෙතුමාම පත්කරපු පොලිස්පති කෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නවා මෙතුමාගේ ආරක්ෂාවට...

:       90       50

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 22 August 2025 02:55 PM

අපි දැන් කන්න ඕන කිරිබත්ද? නැත්නම් පොළොවේ පස්ද? මේ පුවත දැකලා අපි ජෝඩුවට මුකුත් හිතාගන්න බැරිව නන්නත්තාර වෙලා ඉන්නේ...!

:       83       36

ටිල්වින් සීයාFriday, 22 August 2025 03:16 PM

අපේ ඩෝබිලාට මේ කියන්නේ. පහුගිය ටිකේම නන්නත්තාර වෙලා ඉඳලා මේකට ඕනෑවට වඩා චූන් වෙලා උඩ පනින්න එපා. පස්ස බිම ඇනුන දාට උඹලාට දවස් කුලිය ගෙවා ගන්නත් බැරි වෙනවා.

:       6       112

dayaratne Friday, 22 August 2025 02:55 PM

වෙල් ඩන්...!

:       96       39

Jagath Leanage Friday, 22 August 2025 03:17 PM

වැරදි වැඩ කරපු අනිත් අයත් ලෑස්ති වෙලා ඉන්නවා හොඳයි...

:       53       13

ගමේ එකාලා Friday, 22 August 2025 03:27 PM

අපිට වැල් පාලමේ යන්න කියලා එයා කරපු දේවල් අපි නම් හොඳාකාරවම දන්නවා. අවුරුදු පනහකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනේ විවිධ තනතුරු දරපු කෙනා, රට බන්කොලොත් වෙලා තියෙද්දී උපදේශකයෝ තිස් ගාණක් පත්කර ගෙන, සියලු වරප්‍රසාද, වරදාන ලබාදිමයි කෙරුවේ. රටේ ඉඩකඩම් ටිකත් විකුණාගෙන කන්නයි හිතාගෙන හිටියේ...

:       84       52

මාලිමාගැත්තා Friday, 22 August 2025 03:35 PM

මේවා ආණ්ඩුවේ දුර්වලකම සහ නිරුවත පෙන්වන ජවනිකා මිසක් වැඩකට ඇති දේවල් නොවෙයි. සැබෑ ප්‍රශ්න මේවා නොවෙයි...

:       34       94

සුදා Friday, 22 August 2025 03:36 PM

මහමොලකරුවෙක්?

:       6       52

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Friday, 22 August 2025 05:00 PM

රනිල්ව අත්අඩංගුවට ගන්න ආසන්නතම හේතුව තමයි, රනිල් අගමැති විදිහට ඉන්න කාලේ, ශානි අබේසේකර, හිටපු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අවසර ගන්න ගිය වෙලාවේ, අනිත් පොලිස්කාරයෝ ඉස්සරහා රනිල් ශානිට බැන වැදිම...! එකේ රිටර්න් එක, මාලිමා වේදිකාවල නැගලා මාලිමාවට රෙදි නැතිව කඩේ ගිය මේ සැට්ටම්බියා අද ගත්තා ! බලමු ලපකොටා වියට්නාමෙට ගිහින් පොද්ගලික ජෙට් යානයක ලහිලහියේ පුංචි ඡන්දෙට ඡන්දෙ දාන්න ආපු එකත් විමර්ශනය කරනවාද කියලා...!

:       21       101

ප්‍රියන්තFriday, 22 August 2025 06:07 PM

හලෝ ජයශාන්ත, ඉතිං ඔයාම දාන්නකෝ පැමිණිල්ල...

:       77       13

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාFriday, 22 August 2025 06:29 PM

ඔව්, මම පැමිණිල්ලක් දාන්න ඉන්නේ, මම රට ඉඳන් මහන්සිවෙලා එවපු ඩොලර් මිලියනයට, ටිල්වින් ඩයි සීයයි, හඳුන්නෙත්ති හාදයයි මොකද්ද කලේ කියලා මුලින්ම පැමිණිල්ලක් දැම්මාට පස්සේ ! ඉට්ස් අ බිග් කුච්චන්...!

:       0       1

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Friday, 22 August 2025 05:09 PM

ආණ්ඩුව හෝදන්න ආපු පඩියට කොටන වහල්ලූ දැන් ගෙදර ගිහිං බුදියගන්න. රනිල්ට ඇප.

:       22       13

සෙනෙවිරත්න Friday, 22 August 2025 05:12 PM

කොටින්ම කියපල්ලා, ඔබලා හිඟානොකා හිඟා කනකොට රටේ සල්ලි වලින් කෝටි ගණනක් වියදම් කරලා උපාධියට යන එක හරිද?

:       56       23

sosad Friday, 22 August 2025 06:03 PM

හා හා දැන් ඩෝබිලා ටික සබන් වතුර අරන් තමුන්ගේ රාජකාරිවලට යමු. RW ගෙදර ගියා... ෂෝ එක ඉවරයි.

:       17       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10712 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 269 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 199 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site