IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැනීමට විදෙස් ණය ලබා ගැනීමය. ගැටලුවට මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් විසඳුමක් ලබා දුන්නේ නැත. ඒ බව සනාථ කෙරෙන හෙළිදරව්වක් පසුගියදා අපගේ ලංකාදීපය පළ කළේය.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය මෑතකදී සිදුකළ එම හෙළිදරව්වට අනුව මේ වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14 කින් අඩුවනු ඇතැයි ප්‍රකාශ වී තිබේ. ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් එහි වැඩිදුරටත් සඳහන්ය. ආණ්ඩුව මෙවර අයවැයෙන් රුපියල් කෝටි 4,16,400 ක ආදායමක් අපේක්ෂා කළද ලැබිය  හැක්කේ රුපියල් කෝටි 3,57,000 ක ආදායමක් පමණක් බව කියන වෙරිටේ රිසර්ච් සඳහන් කරන්නේ එය රුපියල් කෝටි 59,400 ක අඩුවක් බවය.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙසේ ආදායම් තත්වයේ අපේක්ෂිත ඉලක්කයට ළඟාවීමට නොහැකි වීමට හේතු වශයෙන් සඳහන් වන කාරණා කිහිපයයි. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ මේ ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුව, ලබාගත හැකි බවට හඳුනාගෙන තිබූ බදු පිළිබඳ තබා ඇති අධිතක්සේරුව බව අනාවරණය කර තිබිණ. එම හිඟයෙන් සියයට 61 ක් වැට්බදු අධිතක්සේරුව නිසාත්, ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසාත් නිර්මාණයවී ඇති බව හඳුනා ගෙන ඇතැයිද ප්‍රකාශවී තිබේ.

මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ වැට් බදු රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ඉහළ දමන විට එයින් සිදුවිය හැකි ප්‍රතිවිපාක කෙරෙහි රජය කිසිදු අවධානයක් නොදැක්වීමය. වැට්බදු මේ මට්ටමට ඉහළ දමන විට ඒ වන විටද රටේ ජනතාවගේ ආදායම් තත්වය බරපතළ පිරිහීමකට ලක්ව තිබීම නිසා ජනතාවගේ මිලදී ගැනීම් ශක්තිය තවදුරටත් පහළ බසිනු ඇතැයි මෙරට බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස් හා යෝජනාවලට ආණ්ඩුව සවන් දුන්නේ නැත. ඒ වෙනුවට රජයේ බලධාරීන් දිගින් දිගටම ප්‍රකාශ කළේ වැට් බදු මේ ආකාරයට ඉහළ දැමීමකින් තොරව රජයේ ආදායම වැඩි කර ගැනීමට නොහැකි බවයි. එහෙත් දැන් සිදුවී ඇත්තේ එසේ ජනතාවගේ ආර්ථික ශක්තිය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව වැට් බදු ඉහළ දැමීමෙන් අපේක්ෂිත ආදායම අහිමිවී යාමය. පෞද්ගලික ආදායම් බදු සහ රේගු ආනයන බදු වලටද මේ කාරණාව බලපා තිබීමද බදු අධිතක්සේරුවට හේතුවී තිබෙන බවද පැහැදිලිය.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ හෙළි කිරීම් වලට අනුව පසුගිය වසරේදී (2023) අපේක්ෂිත ආදායම් ඉලක්කය සියයට 13 කින් අඩුවී ඇති බවද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කර තිබේ. එසේම ලොවේ වැඩිම පොලී පිරිවැය සහ ආදායම් අනුපාතය ඇති ශ්‍රී ලංකාව ආර්ථික තිරසාරභාවය සඳහා එම අනුපාතය අඩුකිරීමේ වැදගත්කමද එම වාර්තාව උපුටා දක්වා තිබේ. මෙම කාරණා සම්බන්ධයෙන් මෙරට ආර්ථික විශ්ලේෂකයන් වරින්වර පෙන්වා දුන් කාරණා මේවනවිට සත්‍ය වී තිබෙන බව මේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එම විශ්ලේෂකයන්ගේ අදහස් ඉවත දැමීමේ ඵලවිපාක දැන් ආර්ථිකයට දැනෙමින් තිබෙන බව මේ වාර්තාව සනාථ කර තිබේ.

අපේ රටේ ආර්ථිකයේ අයවැය පරතරය පියවා ගැනීමට යොදාගත් පියවර අසාර්ථකවී ඇති බව අප මුලින්ම සඳහන් කළේ මේ ඉහත සඳහන් කාරණා සැලකිල්ලට ගනිමිනි. 1991 වසරේ පටන්ම මේ රටේ ආණ්ඩු ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වී නැත. අපේ ආර්ථිකය තවමත් මේ විෂම චක්‍රයෙන් ගලවා ගැනීමට නොහැකිවීම සැබෑ ඛේදවාචකයකි.

(***)



අදහස් (0)

ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 851 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 168 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 168 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site