IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්

උපන් බිම, ජාතිකත්වය හා ආගම ඕනෑම මිනිසකු සතු මහරුම සම්පතකි. ඒවාට ගරු නොකරන්නා තුළ මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක්වත් තිබිය නොහැක. තමන්ගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කරන්නා සේම අනෙකාගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කිරීමේ ශිෂ්ටත්වය ද මිනිසා ප්‍රගුණ කළ යුතුය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් අගනා මිනිසකු නිර්මාණය වන්නේ එමගිනි.

එහෙත් එවැනි පිරිපුන් දියුණු මිනිසුන් අතරම ඒ තලයට පැමිණීමට නොහැකි වූ අශිෂ්ටයන් ද සිටින බව සැබෑය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ බෞද්ධ කොඩිය විකෘති කර එය පාවහන් දැන්වීමක් සඳහා භාවිත කිරීමේ සිද්ධියක් අනුරාධපුර නගරයෙන් වාර්තා වූ බවය. සතියකට වැඩි කාලයක සිට අනුරාධපුර මහ වීදියේ වෙළෙඳසලක් ඉදිරිපිට බෞද්ධ කොඩිය විකෘතිකර එය පාවහන් දැන්වීමකට යොදාගෙන ඇති බව නගරවාසීන් පවසන බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. එපමණක් නොව මෙම ස්ථානයෙන් දිනකට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් අනුරාධපුර නගරයේ විහාරස්ථානවල හාමුදුරුවරුන් ගමන් කළ ද ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව නගරවාසීන් පවසන බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පොසොන් සමයේදීය. පොසොන් සමය යනු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් අනුරාධපුර නගරය පිරී ඉතිරී යන සමයකි. එවන් සමයක් ඉලක්ක කරගෙන බෞද්ධ කොඩිය විකෘති කර පාවහන් දැන්වීමකට යොදා ගැනීම කිසි ලෙසකින් හෝ අත්වැරැද්දක් ලෙස සැලකිය නොහැකිය. එය නොදැනුවත්කමට කළ ක්‍රියාවක් ලෙස ද සිතිය නොහැක. එය හුදු විනෝදයට කළ දෙයක් ලෙසද සැලකිය නොහැක. එහෙයින් එය සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි කාරණයක්ද නොවේ.

ජාතිය, ආගම යනු ඉතා සංවේදී ක්ෂේත්‍ර වේ. තම ජාතිකත්වයට, අදහන ආගමට නිගරු කිරීම කිසිවකු ඉවසන්නේ නැති බව ද ඒකාන්ත සත්‍යයකි. ආගම් මුල්කර ගනිමින් ඇවිළී ගිය මහා සටන් ලෝක ඉතිහාසයෙන් මෙන්ම අප රටේ ඉතිහාසයෙන් ද සොයාගත හැකිය. ආගමික අන්තවාදය මෙම කාසියේම අනික් පැත්තය. එහි බියකරු බව මෙන්ම ම්ලේච්ඡත්වය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සියල්ලන්ටම වටහා ගැනීමට හැකිවීය. එබඳු ශාපලත් තත්වයන් නිර්මාණය වීම වැළැක්වීම සබුද්ධික ජනයාගේ පරම වගකීම වේ.

අප රටෙහි සාතිශය බහුතරයක් ජනයා ඉතා බුද්ධිමත් වෙති. ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම තත්වයක් සරළම අංශුවට කඩා විග්‍රහ කර ගනිමින් ඇති තතු තත්වාකාරයෙන් ග්‍රහණය කර ගැනීමට ඔවුහු නුවණින් මුහුකුරා ගිය අය වෙති. අප රට සතු මහරුම සම්පත ද වත්කම ද එයමය.

කරුණු කාරණා එපරිදි වුවද වටහාගත යුතු කාරණාවක් තිබේ. එනම් කුඩා උල්පතකින් නික්මෙන දිය බිඳුවක් මහා ප්‍රවාහයක්ව මුහුදට එකතුවන බවය. කුඩා ගිනි සිළුවකින් හෝ ගිනි ජාලාවක් මැවිය හැකි බවය. නයි පැටවා සතුව ඇත්තේද නයි විෂම බවය. එහෙයින් ඇතැම් කුඩා සිදුවීම් නොසලකා හැරීම යනු මහා ඛේදවාචකයකට පාවාඩ එළීමක් වනු ඇත. වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (1)

සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්

anura Friday, 05 July 2024 02:42 PM

එක එක්කෙනාට ඕන විදිහට ශිෂ්ඨත්වයට නිර්ණායක සාදාගන්න පුළුවන්. නමුත් ඒවා සෑමවිටම සාධාරණ නැහැ. ආගම කියන දෙයත් නොයෙක් ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. සමහර ආගම් හා විශ්වාස යටතේ බිලීපූජා පවත්වනවා. ඒවත් ශිෂ්ඨත්වයේ ලක්ෂණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site