IMG-LOGO

ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්කිකව ගොඩනැගුණු ප්‍රශ්නයකි. ඒ බව පසක් කරවන පුවත් දෙකක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් විවිධ පිරිස්වලට කෝටි ගණන් වංචා කළේ යැයි කියන චීන ජාතික කාන්තාවක් හා පිරිමින් 53 දෙනකු  සහ ජපන් ජාතික කාන්තාවක් පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි කේ.ඒ. උපුල් කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවය.

 වංචා කළ බව කියන කෝටි ගණනක මුදල් සහ උපකරණ තොගයක්ද එහිදී සොයාගත් බවත්  ජාවාරම මෙහෙය වන බව කියන චීන ජාතික යුවල හා තවත් 13 දෙනකු නොරොච්චෝල ප්‍රදේශයේ කාමර 52කින් සමන්විත හෝටලයක් කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ පරිගණක අපරාධයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් විසි දෙදෙනකු ලැගුම් ගෙන සිටි කළුතර ප්‍රදේශයේ හෝටල් කාමරයකට මුද්‍රා තබා හෝටලයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන බවය.

මෙම සිදුවීම් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි සිදුවීම් නොවේ. නොරටුන් මෙරටට පැමිණ මෙලෙස විවිධ ජාවාරම් හි නියැලෙන්නේ නම් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. තත්වය වඩාත් බැරෑරුම් බව ඉකුත් සමයේ වාර්තා වූ මෙබඳු  පන්නයේ සිද්ධිවලින් පැහැදිලි වේ.

ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ මර්මස්ථානයක්  බවට අප රට පත්ව තිබෙන බව රහසක් නොවේ. විමර්ශකයන් පැහැදිලි කරන ආකාරයට ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය මුහුද මැද දී ධීවර යාත්‍රාවලට පටවා මෙරටට ගෙන එනු ලැබේ. ශ්‍රී ලංකාව දූපතක් වන හෙයින් එම මත්ද්‍රව්‍ය තොග නිරුපද්‍රිතව මෙරටට රැගෙන ආ හැකි බවද විමර්ශකයෝ පෙන්වා දෙති.

ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතිවා සේම පරිගණක අපරාධ හා මූල්‍ය ජාවාරම්වල තිප්පොළක් බවට මෙරට පත්ව ඇති බව පැහැදිලි වේ.

පිරමීඩ ජාවාරම්කරුවන්ගේ ගැටවලට ඉතා පහසුවෙන් හසුවන අප රටේ පුරවැසියන් නොරටුන්ගේ ජාවාරම්වලට ඉතා පහසුවෙන් ගොදුරුවීම වටහා ගත හැකි කරුණකි. ශ්‍රී ලාංකික ජනතාවගේ ශතය පවා සූරාගෙන ඔවුන් පිටව යනු ඇත. අප වැසියන්ට සිදුවන්නේ ඇඳිවතට පමණක් උරුමකම් කීමටය. මෙම තත්වය ජාතික ආපදාවකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.

මෙරටට පැමිණෙන්නන්ට ඒ සඳහා නීත්‍යානුකූල මාර්ග ඇත්තේ දෙකකි. පළමු වැන්න ගුවනෙනි, දෙවැන්න මුහුදෙනි. මෙම මාර්ගවලින් පුද්ගලයන් මෙරටට පැමිණෙන්නේ කවර අරමුණු වෙනුවෙන් දැයි නිරීක්ෂණයක් කළ යුතුය. ලෝකයේ දියුණු බොහෝ රටවල ඒ සඳහා විධිවිධාන තිබේ. එම රටවල එම විධිවිධාන ක්‍රියාත්මක වන්නේ සංචාරකයා පීඩාවට පත්වන ආකාරයටද නොවේ. එහෙත්  තම රටේ ආරක්ෂාව අංක එක බව එම රටවල් විශ්වාස කරති.

අප රටට එන සංචාරකයන් නිරීක්ෂණය සඳහා යම් යම් විධිවිධාන ක්‍රියාත්මක වුවද එය ප්‍රමාණවත් නොවන බව ඉහත සිදුවීම්වලින් පැහැදිලිය. එම තත්වය ඉතා භයානකය. එපමණක් නොව ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට මෙම රට පත්වීමට හේතුවකි. එසේ වුවහොත් රටට අත්වන ඉරණම ඉතා පැහැදිලිය. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නියත වශයෙන්ම  යොමුවිය යුතුය.

(***)



අදහස් (0)

ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site