ජනතාවට වස විස කවන වෙළෙඳුන්ට දැඩි දඬුවම් ඕනෑ
කෘමි නාශක කලවම් කළ, කල් ඉකුත් වීමට ආසන්න විස සහිත පාන් පිටි ගෝනි 10,000කට ආසන්න සංඛ්‍යාවක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සොයාගනු ලැබූ පුවත අපගේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් පසුගියදා හෙළි කරනු ලැබීය. වටිනාකම රුපියල් කෝටි 15ක් පමණ වන එම පිටි තොගය ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබී ඇත්තේ, වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා බවත් අනාවරණය වී තිබේ.