බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතකවීම, සිදුවීම්වලින් පාඩම් ඉගෙන නොගැනීම, බලය ප්‍රදර්ශනය කිරීමට සිත් පහළ වීම ප්‍රධාන රෝග වේ. රථගාය අමතර වශයෙනි. ඒ බව පසක් කරවන පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය.