IMG-LOGO

ජනතාවට වස විස කවන වෙළෙඳුන්ට දැඩි දඬුවම් ඕනෑ

කෘමි නාශක කලවම් කළ, කල් ඉකුත් වීමට ආසන්න විස සහිත පාන් පිටි ගෝනි 10,000කට ආසන්න සංඛ්‍යාවක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සොයාගනු ලැබූ පුවත අපගේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් පසුගියදා හෙළි කරනු ලැබීය. වටිනාකම රුපියල් කෝටි 15ක් පමණ වන එම පිටි තොගය ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබී ඇත්තේ, වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා බවත් අනාවරණය වී තිබේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත සිදු කළ ක්ෂණික වැටලීමකදී මෙම විස සහිත පාන් පිටි තොගය අසු වූ බව ද වාර්තා විය. එසේ නම්, එම තොරතුරු ලබාදුන් පුද්ගලයා සිදු කර ඇත්තේ විශිෂ්ට ජාතික මෙහෙවරකි. විස සහිත පාන් පිටි මිලදීගෙන ඒවායින් සකස් කරගන්නා විස සහිත ආහාර අනුභව කිරීමෙන් බරපතළ රෝග ඇති වීමට තිබූ අවදානමෙන් පාරිභෝගිකයන් පිරිසක් ගලවා ගැනීමට එම වටිනා තොරතුර හේතු වී තිබේ. කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීමේ වරදටත් වඩා එවැනි තත්වයක පවතින ආහාරවලට වස කලවම් කර අලෙවි කිරීමට සැලසුම් කිරීම බරපතළ අපරාධයකි. මේ වරද සිදු කළ ව්‍යාපාරිකයන්ට එල්ල විය යුතු චෝදනාව මිනිස් ආහාරයට නුසුදුසු ආහාර තොගයක් අලෙවි කිරීම නොව, වස යොදා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව බව අපි විශ්වාස කරමු. මෙය එතරම්ම චේතාන්විතවම සිදු කළ වරදක් වන බැවිනි.

අප එසේ කියන්නේ, අදාළ ප්‍රවෘත්තියට අනුව, ගුල්ලන් සහිත එම පාන් පිටි තොගයට එය ගබඩා කර තිබූ ස්ථානයේදී වස යොදා ගුල්ලන් මර්දනය කර ඇති බව වාර්තා වී තිබීම නිසාය. මේ කූට ව්‍යාපාරිකයා එහිදී මිනිස් ජීවිතවලට කිසිදු වටිනාකමක් නොදී තමන්ගේ මඩිය තර කරගැනීමේ පවිටු චේතනාවෙන්ම ක්‍රියා කර තිබේ. එය සැලසුම් සහගත වංචනික ක්‍රියාවක් බවට තහවුරු වන්නේ, එසේ වස යෙදීමෙන් පසුව කල් ඉකුත් වීමේ දින වෙනස් කර අලුතින් මුද්‍රණය කෙරුණු නව ඇසුරුම්වල බහා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කිරීම හේතුවෙනි. මෙවැනි වංචනික ව්‍යාපාරිකයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදීමට ක්‍රියා කළ යුතුය. ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවිය යුතුය.

මේ රටේ මෙතරම් බරපතළ වැරැදි නොකළත්, දඩ මුදල් ගෙවීමට සිදුවන ව්‍යාපාරිකයෝ ද වෙති. කීරි සම්බා සහල් වැඩි මුදලට අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් එවැනි පිරිසකි. ඔවුන්ට ඉහළ පෙළේ තොග මුදලාලිලා කීරි සම්බා ලබා දෙන්නේ ආණ්ඩුව නියම කර ඇති මුදලට වඩා වැඩියෙනි. මේ නිසා සුළු ලාබයක් හෝ තබාගෙන එම සහල් අලෙවි කරන සිල්ලර වෙළෙන්දෝ නිතැතින්ම වැටලීම්වලදී හසු වී දඩ මුදල් ගෙවති. එවැනි අවස්ථාවල තදින් ක්‍රියාත්මක වන පාරිභෝගිකයන් ආරක්ෂා කෙරෙන නීතිය පාරිභෝගිකයන්ට වස විස වුවමනාවෙන් කලවම් කර විකුණන ව්‍යාපාරිකයන්ට එරෙහිව ඊටත් වඩා තදින්ම ක්‍රියාත්මක විය යුතුය.

මෙවැනි කූට වැඩ කරන ඇතැම් ව්‍යාපාරිකයන් එවැනි ජරා වැඩ කරන්නේ තමන්ට තිබෙන දේශපාලන හයිය නිසා බව ද ප්‍රකට රහසකි. ඕනෑම වරදක් කර අසු වුණත් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නවත්වාගත හැකි බවට ඔවුන් තුළ ඇති විශ්වාසය නිසා ඔවුහු බය නැතුව මෙවැනි වැඩට අත ගසති. තමන් අසු වුණත් තමන්ගේ යටතේ සිටින සේවකයකු බිල්ලට දී මොවුහු රහසේ සැඟවෙති. ඒ සඳහා ඔවුන්ට රැකවරණය සපයන්නේ දේශපාලන හයියයි.

මේ තත්වයෙන් වහාම පාරිභෝගිකයන් මුදා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. දහසක් අමාරුකම් මැද තමන්ට අවශ්‍ය ආහාර ටික සපයා ගන්නා පාරිභෝගිකයන්ට මෙසේ වස විස කලවම් කළ ආහාර මිලදී ගැනීමට ඉඩ තැබීම මහා අපරාධයකි. එවැනි පුද්ගලයන්ට එරෙහිව දඬුවම් ලබාදිය යුත්තේ සෙසු එවැනි වැරැදි කරන වෙළෙඳුන්ට ද පාඩමක් වන පරිදි බව ද පැවසිය යුතුය.

(***)

 



අදහස් (3)

ජනතාවට වස විස කවන වෙළෙඳුන්ට දැඩි දඬුවම් ඕනෑ

චන්දිම Monday, 01 April 2024 12:08 PM

මේ රට පුරාම වංචනික කූඨ වැඩ මේ මෑතක සිට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා. වැඩිය ඕනෑ නැහැ. සියලු නීති උල්ලංගනය කරමින් රටට විෂබීජ සහිත කාබනික පොහොර ගෙන ඒමට උත්සාහ කරලා ඩොලර් මිලියන හතක කාබාසිනියා කළ නියෝගය දුන්නු වග කිව යුත්තන් බොහෝම පහසුවෙන් අනාවරණය කරගෙන නීතිය ඉදිරියට ගේන්න පුළුවන් නම් රජයට තිබුණත් කරන්නේ නැතුව මගහරිමින් ඉන්නවා. ඉතින් මේ රටේ පාලකයින් ඉස්සරහට මොනවා කරයිද කියලා තුට්ටුවකටවත් විශ්වාස කරන්න පුළුවන්ද?

:       0       6

kahawita Wednesday, 03 April 2024 01:28 AM

මේ වැඩේ වැඩියෙන්ම කරන්නේ දවසට 5 පාරක් ඔලුව පොලේ ගහන කට්ටිය තමයි... කල් එළියේ එවැනි ගබඩාවක් තියෙනවා. අවුරුද්දට සැරයක් අහුවෙනවා. කොහොම හරි ගාණ දීලා බේරෙනවා. මොකද වැඩි හරියක් ඔය මහාපරිමාණ ගබඩා තියෙන්නේ ඔය මිනිස්සුන්ට...

:       0       3

m. saman perera Saturday, 06 April 2024 03:41 PM

ජනතාව වස විස කන්නේ අද ඊයේ ඉඳලා නොවේ... පාලකයන්ගේ වරදින් අනාදිමත් කාලයක පටන් මිනිස්සු කන්නේ වහ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 11033 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 276 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 200 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site