IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?

විෂය කටයුතුවලට අදක්ෂ දරුවන් හැඳින්වීම සඳහා පොදුවේ සමාජය තුළ ව්‍යවහාර  වන විශේෂණ පදයක් වන්නේ ‘‘මැටි ගුලියක්’’ යන්නය. එහෙත් එය නිවැරැදි නොවේ. දක්ෂ, අදක්ෂ බේදයකින් තොරව සෑම දරුවකුම ‘‘මැටි ගුලිම’’ වේ. මේ මැටි ගුලි හැඩ කපා වර්ණ ගන්වා නිර්මාණයක් බවට පත් කළ යුතුය. එය කළ යුතුවන්නේ ගුරුවරයා විසිනි. දරුවා පාසලට යවනු ලබන්නේ ඒ වෙනුවෙනි. දරුවා පාසලට ගියත් පාසල තුළ ගුරුවරුන් නොමැතිනම් ඒ දරුවාට අත්වන ඉරණම කුමක්ද?

ඉහත තත්වය පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ අනුරාධපුර මහ විල්ලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ  ධර්මපාල විද්‍යාලයේ වසර ගණනාවක විභාග ප්‍රතිඵල අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත් වූ සිසුනට තම නමවත් ලියාගැනීමට නොහැකි බවට මවුපියන් චෝදනා කරන බවය. මෙම කනගාටුදායක තත්වය පිළිබඳව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාදුන් වාර්තාවේ සඳහන් වනුයේ 2020 වසරේදී එම විද්‍යාලයේ සිසුන් 35 දෙනකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර එයින් සිසුන් 27 දෙනකුම විභාය අසමත් වී ඇති බවය.

ඛේදවාචකය එතැනින් නතර නොවේ. 2021 වසරේදී සිසුන් 25 දෙනකුම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර එයින් සිසුන් විසි දෙදෙනකුම විභාගය අසමත් බවය.

2022 වසරේදී සිසුන් 28 දෙනකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද ඉන් සමත්ව ඇත්තේ සිසුන් තිදෙනකු පමණි. ඒ අනුව පෙර වසර තුනේම සාමාන්‍ය පෙළ විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 8ක්, 5ක් හා 3ක් වශයෙන් දැක්විය හැකිය.

අප ආසියාවේ අාශ්චර්ය කරා යාමට උත්සාහ කළේත්, මාස 60න් අලුත් රටක් හැදීමට උත්සාහ කළේත්, දැන් වැල් පාලමෙන් එගොඩ කරවීමට ප්‍රයත්න දරන්නේත් රටේ  අභ්‍යන්තරය මේසා  විශාල ලෙස නාය යෑමකට ගොදුරුව තිබියදීය. ‘ළඟම පාසල හොඳම  පාසල’ වැනි සාර සංකල්ප වලින් ගොඩනැගීමට උත්සාහ දරා ඇත්තේ මෙලෙස ඇතුළතින් දිරාපත් වූ අධ්‍යාපන ක්‍රමයක්ය.

මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත් වූ දරුවන්ට යළිත් තම නිවෙස කරා යෑමට සිදුව තිබෙන්නේ තම නමවත් ලියාගැනීමට නොහැකිව වීම කෙතරම් බරපතළ කාරණයක්ද යන්න වටහා  ගැනීම අසීරු නොවේ.

සඳමල් එළිය, විහාරස්ථානයේ විහාරාධිපති විහාරාගම සංඝරතන හිමියන් අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

‘‘තිස් වසරක යුද්ධයත් සමග ධර්මපාල විද්‍යාලයට ගුරුවරුන් ගෙන්වා ගැනීම අතිශයින්ම දුෂ්කර වුණා. එහෙත් අද වනවිට අනුරාධපුර සිට තන්තිරිමලේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ඉවරයි. පැය භාගයකින් තන්තිරිමලේ නගරයට එන්න පුළුවන්. එසේ තිබියදීත් අධ්‍යාපන කේෂ්ත්‍රයේ බලධාරීන් හෝ දේශපාලනඥයන් අපේ දුක් ගැනවිලිවලට ඇහුම්කන් දෙන්නේ නෑ. බීරි අලින්ට වීනා වයනවා වගේ අනුරාධපුර නගරයේ පාසලක් ගත්තොත් ගස් අස්සේ හෙවණේ ඇති තරම් ගුරුවරුන් ඉන්නවා. මේ පාසලට ගොස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එවැනි පහසුකම් දෙන්න බැරි ඇයි? මොවුහුත් අපේ රටේම දුවා දරුවෝය. බලවතුන්ට එය නොතේරීම ඛේදවාචකයකි.

ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති අනුර කොස්වත්ත මහතාගෙන් අප  පුවත්පත කළ විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ පාසලේ ගුරු හිඟයක් පවතින බවය. දැනට සේවය කරන්නේ ගුරුවරුන් 12 දෙනකු පමණක් බවය. මේ සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය හොඳින්ම දන්නා බවත් තමා උපරිම ශක්තියෙන් වැඩකළ බවත්ය.

අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේශා  මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ධර්මපාල විද්‍යාලයට  ඉන්නේ වැඩබලන විදුහල්පතිවරයකු බවත්. ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී ලොකු අඩුපාඩුවක් තිබෙන බව පැහැදිලි වන බවත් ගුරු හිඟය පිළිබඳ ඉහළට දැනුම් දී තිබෙන බවත්ය.

මහ විලච්චිය අධ්‍යාපනන කොට්ඨාසයේ ධර්මපාල විද්‍යාලයේ දරුවන්ගේ ඉරණම මෙසේ තීන්දුවීම සම්බන්ධව වගකීම ඒ දරුවන්ම බාර ගත යුතුද? එම ප්‍රශ්නය ඔබ ඉදිරිපිට තබමු.

(***)



අදහස් (3)

පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?

munasinghe indika prasad Tuesday, 16 April 2024 04:06 PM

ලංකාවේ ඕනෑ තරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකර ඇත. ද‍ෙමාපියන් තම පාලකයන් තෝරා ගත්තේ මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්ද????? ඔබේ කතිරයේ ප්‍රතිඵල ඔබේ දරුවන්ට ලැබී ඇත, මේ ගැටළුව - එක පාසලකට, කලාප කාර්යාලයකට, දිස්ත්‍රික්කයකට, පළාතකට විතරක් ලගුකළ නොහැක. ප්‍රමානාත්මකව වෙනස් වුවද, අර්බුදය සමස්ථ අධ්‍යාපන කේෂ්ත්‍රය පුරා පැතිරී ඇත. රටක් ලෙස එක්ව , මේ දහජරා , ඔලමොට්ඨල, අමන මනසක් නිර්මාණය කරන, මෙම අධ්‍යාපන ක්‍රමය පූර්ණ පරිවර්ථනයකට ලක්කර, මානව වාදී දරු පරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා අධ්‍යානය කේෂ්ත්‍රය පූර්ණ පරිවර්ථනයකට ලක් කළ යුතුයි.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 17 April 2024 09:20 AM

අපිට දුන්නොත් මාස 06න් ගොඩදාලා දෙනවා...!

:       0       0

himal Thursday, 18 April 2024 12:46 PM

ඔය වගේ ඉස්කෝල තවත් පැතිවල ඇති. ඒත් වසර 11ක් ඉගෙන ගෙන තමන්ගේ නම් ලියාගන්න බෑ කියන කතාව හරියට ම හොයලා බලන්න වෙනවා. කොහේ හෝ ලොකු ඉස්කෝලෙක ඉන්න ගුරුවරු ස්ථාන මාරු කරන්න ගත්තා ම ඒක එපා කියලා ඒකට ආණ්ඩුවට බනින අය මේවට කියන්නෙ මොනවද? පහුගිය කාලෙත් මෙන්න මේ ගුරුවරයා මාරු කරන්න එපා අපේ ඉස්කෝලේ අරුම පුදුම සංස්කෘතියක් තියෙනවා ඒක කැඩෙනවා කියලා කෑ ගහපු කට්ටිය හිටියා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 241 0

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 532 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 94 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 469 4

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 613 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 748 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 457 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1881 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1677 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site