IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදු දැලෙන් රිංගන්නන්ට දැඩි දඬුවම් ඕනෑ

රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නඩු පවරා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වශයෙන් 2018 දෙසැම්බර් 14 වැනිදා වනවිට රජයට ගෙවිය යුතු වූ අදාළ  මුදල  නොගෙවීම නිසා මෙසේ නඩු පවරනු ලැබ තිබුණේ කොළඹ හතරේ එක්තරා සමාගමකට එරෙහිව බවද සඳහන් වෙයි.

බදු නොගෙවීම හේතුවෙන් රටේ සුප්‍රසිද්ධ සමාගම්වලට එරෙහිව නඩු වැටෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ඔවුන් සියලු දෙනා ගාණට තිතට බදු ගෙවන නිසා නොවේ. විවිධ කූට සහ විධි භාවිතයෙන් බදු දැලෙන් රිංගා යාමට අති දක්ෂයන් වන බැවිනි. ව්‍යාපාර මගින් ආදායම් ඉපැයීමේ දක්ෂයන් වන්නා සේම ගෙවිය යුතු බදු නොගෙවා පැහැර හැරීමටද මේ ඇතැම් සමාගම් දක්වන්නේ උපන් හපන් කමකි.

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විවිධ හේතු මත රජයට අයවිය යුතු සමස්ත බදු ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් නොලැබී යන බවත් එම ප්‍රමාණය පසුගිය වසරේදී ආණ්ඩුවට හිමිවූ බදු ප්‍රමාණයෙන් සියයට 40ක් පමණ වන බවත්ය. එසේම ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බදු සහන හේතුවෙන් ආණ්ඩුව මේ වනවිට අහිමි කරගෙන ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 978ක් බවද ඔහු සඳහන් කර තිබිණි.

බදු ගෙවීම පැහැරහැර සිටින බව කියැවෙන සමාගමට එරෙහි චෝදනාව රජයට අයවිය යුතු රේගු බදු නොගෙවා සිටීම වන අතර එය 2018 දෙසැම්බර් 14 වැනිදා දක්වා තිබූ තත්වය බවද සඳහන්ය. චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බදු සහනද මේ සමාගම හොඳහැටි භුක්ති විඳින්නට ඇති බවට උපකල්පනය කළ හැකිය. එක් අතකින්  රේගු බදු නොගෙවීමෙන්ද අනෙක් අතට රජය මගින් ලබා දෙන ව්‍යාපාරික බදු සහනයෙන්ද හොඳ හැටි ඉහත සඳහන් වූ මේ සමාගම වැඩ ගෙන ඇති බව කියැවෙයි. ව්‍යාපාරික වශයෙන් ලබන ලාබයට අමරව රජයට ගෙවිය යුතු බදු නොගෙවීම හරහා ඕනෑම සමාගමක් ලබන්නේ අයුතු වංචනික දූෂිත ලාභයකි. එය රටේ ජාතික ආදායම සිතාමතා සැලසුම් සහගතව අහිමි කිරීමකි. ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීම අත්‍යවශ්‍යය.

රජයට බදු පොලු තබන සමාගම් අතර ප්‍රකට මත්පැන් නිෂ්පාදන සමාගම්ද වන බව පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුන්ගේ වාර්තා අනුව තවත් මද්‍යසාර නිෂ්පාදන සමාගමක් මේ වසරේ ජුනි 15 දක්වා රුපියල් මිලියන 1659ක බදු  මුදලක් හිඟ තබා තිබූ අතර ඒ හා සමාන තවත් සමාගමකින් රුපියල් මිලියන  102ක් අයවීමට තිබූ බවද සඳහන්ය. මේ දැක්වූයේ මෙරට ප්‍රකට සමාගම් කොතරම් බදු මුදලක් නොගෙවා පැහැර හැර තිබෙනවාද යන්න පෙන්නුම් කරන අවස්ථා කිහිපයක් පමණි.

මේ අනුව ඉහතින් කියැවුණු සමාගමට එරෙහිව නඩු පැවරීම මුහුදේ පාවෙන අයිස් කන්දක මතුපිටට පෙනෙ සුළු ප්‍රමාණය වැනි සිදුවීමක් වශයෙන් අපි දකිමු. පාවෙන අයිස් කන්දේ හතරෙන් තුනක්  තිබෙන්නේ දියෙන් යට ගොසිනි. එම හතරෙන් තුනද මතුපිටට ඇදගෙන නඩු පැවරිය හැකි නම් අපේ රටේ ආර්ථික ගැටලුවලින් අඩකටත් වඩා විසඳාගත හැකි වනු ඇත. රුපියල් කෝටියකට අධික බදු ප්‍රමාණයක්  ගෙවීම පැහැර  හැර ඇති සමාගම් සහ පුද්ගලයන් සංඛ්‍යාව  4200ක් වශයෙන්ද ඉහත කී කාරක සභා වාර්තාවේ දැක්වේ. ඒ අනුව වසරකට රටට අහිමිවන බදු මුදල් ප්‍රමාණයේ තරම සිතාගත හැක.

මේ ආකාරයට බදු මුදල් නොගෙවා පැහැර හැරීම සිදුවන්නේ දේශපාලන වශයෙන් බලවත් පුද්ගලයන්ගේ අනුදැනුම ඇතිව  බවද ප්‍රසිද්ධ රහසකි. 

බදු ගෙවීම පැහැර හැරීම නැවැත්වීමට නම් ඒ සඳහා දේශපාලන බලවතුන්ගේ වුවමනාව හා කැපවීමද අවශ්‍යමය.

බඩගෝස්තරවාදී දේශපාලනය සමග මේ සමාගම් බැඳී තිබෙනතාක් බදු හොරුන්ගෙන් රට ගලවා ගැනීම නතර කළ නොහැකිවනු ඇත.

 

(***)



අදහස් (0)

බදු දැලෙන් රිංගන්නන්ට දැඩි දඬුවම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site