IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අතුරුගිරිය සිද්ධියෙන් ආරක්ෂක ජාලයට පාඩමක්

රටම භීතියට පත් කළ ‘‘චිකාගෝ පන්නයේ’ වෙඩි තැබීමක් පෙරේදා දහවල් අතුරුගිරියෙන් වාර්තා විය. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයෙන් කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘‘ක්ලබ් වසන්ත’’ සහ තවත් පුද්ගලයෙක් මිය ගියහ. ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද අප පුවත්පත වාර්තා කළේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ ජාතික අවශ්‍යතාව මෙම තීරුවෙන් අපි වැඩි වැඩියෙන් අවධාරණය කර ඇත්තෙමු. රටේ යහපැවැත්ම, සාමකාමී බව හා ආරක්ෂාව තහවුරු වීමට නම් සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලිය යුතුමය. මන්ද යත් මෙම අපරාධ කල්ලි නිසා වින්දිතයන් බවට පත්වන්නේ සාමයට ළැදි නිරායුධ සාතිශය බහුතරයක් ජනයා වීම නිසාය.

ජාතික ආරක්ෂාව යනු පර සතුරු උවදුරුවලින් රට ආරක්ෂා කිරීම පමණක් නොවේ. රටේ නීත්‍යනුකූල හමුදා සමග ගැටෙන ත්‍රස්තවාදි කණ්ඩායම්වලින් රට බේරා ගැනීම පමණක් නොවේ. එම රටේ ජීවත්වන ජනයාගේ ජීවිත සුරක්ෂිත කිරීම ද ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයකි. පාතාල කල්ලිවල මෑත කාලීන නැගිටීම දෙස බලන විට ජාතික ආරක්ෂාව බරපතළ ලෙස තර්ජනයට, අභියෝගයට ලක්වී ඇති බව පැහැදිලිය.

අතුරුගිරියට ප්‍රහාරකයන් පැමිණ තිබෙන්නේ පෙරවරු 10ට පමණය. අතුරුගිරිය යනූ ජන ශුන්‍ය එමෙන්ම කැලෑබද ප්‍රදේශයක් නොවේ. රටේ අග නගරයටත්, වාණිජ අග නගරයටත් ඉතා ආසන්නයේ පිහිටි මෙම නගරය දිවා කාලයේ බොහෝ සෙයින් ජනාකිර්ණය. එවැනි ප්‍රදේශයකට ටී. පනස් හය වර්ගයේ ගිනි අවි දෙකක් රැගෙන පැමිණ වෙඩි ප්‍රහාර එල්ල කර නිරුපද්‍රිතව පලා යෑමට වෙඩික්කරුවෝ දෙදෙනා හා ඔවුන් රැගෙන ආ රථයේ රියැදුරා සමත්ව සිටිති. තිදෙනා පලාගිය කාර් රථයත්, වෑන් රථයත් දෙතැනක දමා ගොස් තිබිය දී හමුවී ඇත. අනුමාන කිරීම් හැර ඝාතකයන් සම්බන්ධ නිශ්චිත තොරතුරක් මෙම සටහන තබන මොහොත වනවිට හෝ ප්‍රකාශ කිරීමට පොලිසිය අසමත්ය.

පොලීසියට උපදෙස් දීමට අපි ඉදිරිපත් නොවෙමු. එහෙත් යම් අවධාරණයක් කිරීමට අපට බාධාවක් නැත. දැනට ක්‍රියාත්මක ආරක්ෂක ජාලය සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලීමට ප්‍රමාණවත් නොවන බව අතුරුගිරිය ප්‍රහාරයෙන් පැහැදිලි වන බව ජනතා මතයයි.  

ඝාතකයන් ගමන් කළ යුත්තේ මහා මාර්ගයෙන්ය. අතුරු මාර්ග ද බහුල බව සැබෑවකි. එහෙත් එම සියලු මාර්ග ආවරණය වන පරිදි ආරක්ෂක දැලක් එළීම අසීරු වුවද කළ යුත්තකි. ඒ සම්බන්ධයෙන් විධිමත් සන්නිවේදන ජාලයක් ද තිබිය යුතුය. එබඳු විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව වැටහීම සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අවශ්‍ය පහසුකම් සැපයීමකි.

කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.පී.ජී. කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණේ ‘‘මෙම සිද්ධියෙන් මුළු රටම හෙල්ලුම් කෑ බවත්  සැකකරුවන් වහාම අත්අඩංගුවට නොගතහොත් පොලිස් දෙපාර්තමේන්තුවට ලජ්ජාවක් බවත්ය. වීඩියෝ දර්ශන බැලීමේ දී මෙම සිද්ධිය චිකාගෝ වැනි දර්ශනයක් බවද ප්‍රකාශ කර ඇති වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම භයානක සිද්ධිය හේතුවෙන් ජනතාවට ආරක්ෂාවක් නැති තත්වයට පත්ව ඇති බව ද සඳහන් විය.

නාඳුනන තුවක්කුකරුවාගේ අනු අංක මකා දැමූ ගිනි අවිවලින් නික්මෙන වෙඩි උණ්ඩ ඉදිරිපිට අභය දානය ඉල්ලා හඩා වැටීමට රටේ ජනතාවට සිදුවන්නේ නම් එය ඉතා භයානක තත්වයකි. රට එමගට වැටෙමින් තිබෙන බව අපි දැඩිව අවධාරණය කර ඇත්තෙමු. එහෙත් යම් සිදුවීමක් වූ විට ඇතිවන උද්​ෙ යා්ගය සිද්ධියේ උණුසුම පහව යාමත් සමග දියරු වීම මෙයට ආසන්නම හේතුව වේ. අතුරුගිරිය ප්‍රහාරය පාඩමක් කරගෙන ඉදිරියේ දී එම දුර්වලතාවෙන් මිදෙන්නේනම් පාතාලයේ ශාපයෙන් රට ගැලවීමට එය හේතුවක් වනු ඇත.

(***)



අදහස් (1)

අතුරුගිරිය සිද්ධියෙන් ආරක්ෂක ජාලයට පාඩමක්

sena ranpatabendi Wednesday, 17 July 2024 09:03 AM

මෙම ප්‍රහාර වලින් මිය යන්නේ නිරායුධ සාමයට ලැදි ජනතාව වශයෙන් පුවත් පතේ සඳහන් තිබුණද මට නම‘ පෙනෙන්නේ මෙ‘ ඔක්කේාමලා චිකාගෝ නලුවන් බවයි. ඔ වුන් නැසීමට කවදාක වත් රජයේ හමුදා හෝ ‍පොලීස් ක්‍රියා කරන්නේ නැත. ඔවුන් නැසිය යුත්තේ ඔවුන් අතින්මය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. යන්න මනා ව ඔප්පු කරමින්. ක්ලබ‘ වසන්ත කවුද යන්න රටේ‘ බහුතරයක් දෙනා දනිති. ඔහුට මෙ‘ තරම‘ ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයිද යන්නත් දන්නෝ දනිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site