2022 මැයි මස 17 වන අඟහරුවාදා
0 3991
මැතිවරණය සඳහා දින නියමකර, නාම යෝජනාද බාර ගත් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් කල් තැබුණු පළමු වර මෙවරය. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් කල් තබන්නට සිදුව මාස 04 ට පසු පැවති මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සතු හැඩ තල කිහිපයකි. පාර්ලිමේන්තු දේශපාලනයේ පැරණිම සාම්ප්‍රදායික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි මහ මැතිවරණයෙන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක අතුගෑවී ගිය අයුරුම, මේ මැතිවරණයෙන් අන්ත පරාජයට පත් විය.
3 3392
රාජ්‍ය ව්‍යාපාර රටටත්, ජනතාවටත් මහා භාණ්ඩාගාරයටත් මහා බරකි. එසේ වී තිබෙන්නේ ඇයි? සහ ඉන් මිදිය හැක්කේ කෙසේ ද? මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වන ඩැනී අතපත්තු මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.
0 1886
සමානුපාතික නියෝජන ක්‍රමය බරපතළ විවේචන මැද තවදුරටත් ක්‍රියාත්මක වෙයි. සුළු පක්ෂවල වුවමනාව මත එසේ වන බව කීවද මහ පක්ෂවල බොහෝ දෙනා ද මේ ක්‍රමය වෙනස් කිරීමට අකැමැති බව දැන් එළිපිට ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ ඒ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානි ආචාර්ය අතුල විතානවසම් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.
3 8985
පොහොට්ටුව මුල් කර ගත් දේශපාලන බලවේගය විසින් අලුත් සන්ධානයක් ලියාපදිංචි කරන ලද්දේ මේ සතියේය. මේ කාරණය අපේ රටේ දේශපාලනයේ තවත් එක් වැදගත් අවස්ථාවක් බව ඉතාමත් පැහැදිලිය. පසුගිය දවස්වල සමහරුන් පෙන්නුම් කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුවට අයිති දේශපාලන කණ්ඩායම්වල විරසකයක් තිබෙන බවත් ඒ නිසාම පක්ෂ කීපයක් වෙන වෙනම ඉදිරි මැතිවරණය සඳහා තරග කරන බවත්ය. එහෙත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරැදි උපකල්පනයක් බව මේ වන විට පැහැදිලි වී හමාරය.
2 1864
නිදහස් උත්සවය පැවැත්වූයේ පෙරේදාය. බ්‍රිතාන්‍යයෙන් රට නිදහස් වී වසර 72ක් ගතවන අවස්ථාවේ රට වැසියන් තුළ තිබුණේ වෙනත් අවුරුදුවලට වඩා අනාගතය පිළිබඳව විශ්වාසයක් බව පෙනෙන්නට තිබුණු කාරණයක් ය. පසුගිය ජනාධිපතිවරණයෙන් පටන් ගත් ‘වෙනස්ව සිතීමේ’ දේශපාලනය මේ වනවිට රට තුළ විශාල පරිවර්තනයක් සිදුකරමින් පවතින බව ඉතාමත් පැහැදිලිය.
0 1126
රටේ මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන කල් අනෙක් වැඩ සියල්ලම සිදුවන්නේ යම් ආකාරයක මන්දගාමීත්වයකින් යුතුවය. හැමෝම සිටින්නේ සන්ක්‍රාන්ති සමයක් ගෙවන ආකාරයෙන්ය. දැන ගැනීමට ලැබෙන ආකාරයට මේ පාර්ලිමේන්තුව මාර්තු මාසයේ මුල හරියේදීම විසුරුවා හැරීමට නියමිතය. ඒ කියන්නේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවෙද්දීම මහ ඡන්දයක් පැවැත්විය හැකි බවය.
1 1782
රංජන්ගේ හඬපට නිසාවෙන් රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන තිබෙන සංකීර්ණ තත්ත්වය තවමත් පහවී ගොසින් නැත. දිනෙන් දිනම මාධ්‍ය මගින් පෙන්නුම් කරන්නේ මේ පුද්ගලයාගේ දේශපාලන භාවිතය තුළ ඇති ජුගුප්සාජනක ස්වභාවයයි. මේ සිද්ධියෙන් පසුව රටේ ආයතනික තත්ත්වයන් හා ප්රජාතන්ත්රීය පද්ධතීන් බරපතළ ආකාරයෙන් කඩා වැටෙන්නට හා සෙළවීමකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. රටේ අධිකරණ පද්ධතිය පවා මේ තත්ත්වයෙන් අර්බුදයට පත්වී ඇති බව වැඩ තහනම් වෙන විනිශ්චයකාරවරුන්ගේ නම්වලින් පෙන්නුම් කරමින්
0 899
මේ දවස්වල අප ගෙවමින් සිටින්නේ එක්තරා ආකාරයක දේශපාලන නොනගත කාලයකය. ඒ කියන්නේ අලුත් ජනාධිපතිවරයකු පත්වී පරණ පාර්ලිමේන්තුවම පවතින කාලකය. මේ තත්ත්වය හේතුවෙන් අලුතින් ඉදිරිපත් වෙන ව්‍යාපෘති කිසිවක් බිමට ගැනීමේ ඉඩක් ලැබෙන්නේ නැති බව පැහැදිලි කාරණයක්ය. මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් සියල්ලම බලාගෙන සිටින්නේ මේ තත්ත්වයට සාපේක්ෂකවය.
3 2642
අද ජනවාරි 9 වැනිදාය. 2015 ජනවාරි 8 වැනිදා කියන්නේ පසුගිය වතාවේ ජනාධිපතිවරණය පැවැත්වූ දිනය බව බොහෝ අයට මතකය. ඒ ජනාධිපතිවරණයේ අතීතය මේ වනවිට අපේ රටේ දේශපාලන සාකච්ඡාවෙන් ඉවතට තල්ලුවෙමින් තිබෙන බවත් සැබෑවක්ය. එය එසේ වුවත් මේ දිනවල මාධ්‍ය ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින සමහර සිදුවීම්වලින් පෙනී යන්නේ 2015 ජනවාරිවරුන්ගේ යහපාලනය යැයි කියා ගත් පාලන ක්රමයේ තිබූ විකාරරූපී සහ විනාශකාරී තත්ත්වය තව තවත් පෙන්නුම් කරන බවයි.
0 818
අපේ රටේ දේශපාලනයේ තවත් වැදගත් අවස්ථාවක් මීළඟ වර්ෂයේ පළමු මාස කීපය තුළ සිදුවීමට නියමිතය. ඒ කියන්නේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වර්ෂයේ පළමු මාසය 06 ඇතුළත පැවැත්වීමට නියමිත බවය. කොහොමටත් පාර්ලිමේන්තුවේ මැතිවරණය පැවැත්වීමෙන් තොරව ශක්තිමත් ආණ්ඩුවක් හැදීමේ කිසිදු ඉඩක් කාටවත් ලැබෙන්නේ නැති බව දැන් හොඳටම පැහැදිලිය. ඒ නිසාම ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව වෙන කවරදටත් වඩා වැඩියෙන් මේ කාලය වන විට මතුවී ඇති බව ඉතාමත් පැහැදිලිය.
10 4436
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වී මාසයක් ගතවුණේ මේ සතියටය. එතුමන්ගේ දේශපාලන ආගමනය නිසා මේ රටේ සමස්ත දේශපාලනයේ බරපතළ වෙනසක් නිර්මාණය වී ඇති බව ඉතාමත් සත්‍යයක්ය. මේ වෙනස මෙතෙක් ජනාධිපතිවරයකු පත්වූ විටක සිදු නොවූ ආකාරයේ එකක් බව මගේ මතයය. මේ වෙනසේ එක් පැත්තක් පෙනී යන කාරණයක් වන්නේ රජයේ ආයතනවලට ප්‍රධානීන් තෝරා ගැනීමේ ඇති විවෘතභාවයයි.
6 5190
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ භාරකාර ආණ්ඩුවේ වැඩ කටයුතු ආරම්භ වී දැනට සති තුනක් පමණ ගෙවී ඇත. මේ වනවිට ආණ්ඩුවේ මූලික ආකෘතිය නිර්මාණය වී ඇති අතර ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අදාළ විෂයභාර ඇමැතිවරුන්ගේ මැදිහත්වීම් ද මේ වනවිට සිදුවෙමින් පවතී.
0 1667
අප ගෙවමින් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසුව එන තුන්වැනි සතිය වන අතර නව ජනාධිපතිතුමා ස්වකීය වගකීම් වෙනුවෙන් මූලික සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලි වෙමින් පවතී. බැලූ බැල්මටම පෙනීයන තවත් කාරණයක්වන්නේ නව ජනාධිපතිතුමන්ගේ වැඩ කලාව පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ ජනාධිපතිවරණය දවස්වලටත් වඩා වැඩි පිළිගැනීමක් බවයි.
0 361
මෙරට දේශපාලනයේ ඓතිහාසික ජනාධිපතිවරණයක් නිමාවට පත්වූවේ පසුගිය සතියේය. ඒ ජනාධිපතිවරණයෙන් වර්තමාන ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙසින් තරග වැදුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වූ අතර මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව මේ වනවිට හැමෝම දන්නා කාරණයක්ය.
0 333
කළ යුත්තේ කුමක්ද කියන ප්‍රකාශය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් ප්‍රකාශයක්ය. මේ අදහස සම්භාව්‍ය දේශපාලනයට පැමිණියේ වී.අයි. ලෙනින් විසින් ලියන ලද What is to be doneයන නමින් යුත් කෘතිය හේතුවෙන්ය. මා මේ සටහනින් බලාපොරොත්තු වන්නේ ලෙනින්ගේ පොත ගැන කීමට නොව අපේ රටේ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් වන ඉදිරි ජනාධිපතිවරණයේ අප කළ යුත්තේ කුමක් ද කියන කාරණය ගැන කථා කිරීමටය.
0 1333
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වන්නේ අද දිනයේය. ඒ කියන්නේ 2019 ජනාධිපතිවරණයේ පළමු කොටස අද දවසේ ආරම්භ වෙනවා කියන එකය. 2015 ජනාධිපතිවරණයේ අතීතය දෙස බැලීමෙන් පෙනී යන්නේ මේ දවස ඉතාමත් වැදගත් දිනයක් බවය. ඒ ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය සේවයේ සමහරුන් එවකට පැවැති ආණ්ඩුව පිළිබඳව විවේචනයක් තිබෙන බව මුලින්ම පෙන්නුම් කළේ ඒ 2015 තැපැල් ඡන්දය දවසේ බව සමහරුන්ට තවමත් මතකය.
8 3434
මේ දවස්වල සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමුවී තිබෙන්නේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු දිසාවටය. අපේක්ෂකයන් 35ක් ඡන්දයට ඉදිරිපත්ව ඇතත් මූලික වශයෙන් අපට දකින්නට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකුගේ මැදිහත්වීම් පමණක් බව පෙනී යයි.
18 3710
මෙවර ජනාධිපතිවරණයේ නාමයෝජනාවලින් ඒ ඒ අපේක්ෂකයන් තමන්ගේ ප්රචාරක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව කාටත් පැහැදිලිය. ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය පැවතුණේ පසුගිය සතියේය. ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව පැවැති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් සහතික කර ගැනීමට පොදුජන පෙරමුණට හැකි වූ අතර ඒ ජයග්‍රහණය ශ්‍රී ලනිපයත් සමඟ සම්බන්ධ කර බැලූ විට අතිවිශිෂ්ට එකක් බව ඉතාමත් පැහැදිලිය.
0 905
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සිදුවී හමාරය. මෙවර ජනාධිපතිවරණයේ නාමයෝජනා ලැයිස්තුව දෙස බැලීමෙන් පෙන්නුම් කරන විශේෂතා කීපයක්ම තිබෙන බව ඉතාමත් පැහැදිලිය. ඒවා අතරින් එකක් වන්නේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව විකාර රූපී ආකාරයෙන් විශාලවීමය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන ආකාරයට මේ අනපේක්ෂිතව විශාල වූ අපේක්ෂක කණ්ඩායමේ නම් ලැයිස්තුව පේළියට මුද්‍රණය කර ඡන්ද පත්‍රිකාවක් ලෙසින් නිර්මාණය කරන විට එය අඩි දෙකකට වඩා දිගු වෙන බව පැහැදිලිය.
7 2043
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට දින නියම වී ඇත්තේ ලබන සතියේ සඳුදාටය. ඒ සඳහා අපේක්ෂකයන් ගණනාවක්ම මේ වනවිටත් ඇප මුදල් තැන්පත් කර ඇති බව හැමෝම දන්නා කාරණයක්ය. මේ අය අතරින් රටේ අවධානය වැඩියෙන්ම යොමු විය යුත්තේ සහ රටේ අවධානය යොමු වී ඇත්තේ ආණ්ඩුවේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා වෙතටත් සහ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතටත්ය.
16 3488
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අතරින් මේ දිනවල ඉදිරියට පැමිණ ඇති ප්‍රධාන එකක් වන්නේ තුන්වැනි අපේක්ෂකයකු අවශ්‍යද කියන කාරණයයි. මේ පිළිබඳව කතා කරන අය එයින් අදහස් කරන්නේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම වෙනස් ආකාරයේ අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුද යන ප්රශ්නයයි. මේ සාකච්ජාව අද ඊයේ ආරම්භ වූ එකක් නොව 2015 යහපාලනයැයි කියන මේ ආණ්ඩුව පත්වූ දවස්වල සිටම එක්තරා කණ්ඩායමක් ඉදිරිපත් කළ අදහසක් බව පිළිගැනීම නිවැරැදි බව මගේ අදහසයි.
5 3081
නෙළුම් කුලුන විවෘත කළේ මේ සතියේ සඳුදා හවස්වරුවේය. මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ඒ උත්සවයේ කතා කළ ජනාධිපතිතුමන් කියූ එක් කතාවක්ය. රටේ ජනාධිපතිතුමන් බය නැතිව යමක් කියන්නේ තමන්ගේ උපදේශකයන් තමන්ට ලබා දෙන තොරතුරු හා කරුණු නිවැරැදි යැයි විශ්වාසයක් තිබෙන නිසාය.
11 5158
දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව අනෙක් හැමවතාවකටම වඩා වැඩි බව මගේ තේරුම් ගැනීමය.
2 1495
දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණේ 1978 වර්ෂයේ බව කවුරුත් දන්නා කාරණයක්ය. ඒ ව්‍යවස්ථාවට පසුගිය වර්ෂය වනවිට (2018 වනවිට) වසර 40 සම්පූර්ණ වී ඉවරය. මේ හතළිස් වර්ෂයට මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර ඇති බවත් අප හැමෝම දන්නා සත්‍යයකි. මේ වනවිට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී හමාරය. 78 ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් ගෙනෙන ලද එකක් යැයි එජාපයේ අය කීවත් සිදු වී තිබෙන්නේ මේ ව්‍යවස්ථාව නිසාම නැති ප්‍රශ්න
2 1752
ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට පත්වී නැතත් ඒ පිළිබඳව රටේ තිබෙන උණුසුම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන බව කාටත් පැහැදිලිය. මේ වනවිට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කර හමාරය. ඒ පොදුජන පෙරමුණෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන්ය. එජාපයේ අපේක්ෂකයා පිළිබඳ සංවාදය ඒ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරමින් තිබීම මෙහිදී පෙනී යන තවත් එක් වැදගත් කාරණයක්ය.
0 1649
මිළඟට පැවැත්වෙන මැතිවරණය කුමක් ද යන කාරණය ගැන සමාජයේ තිබෙන අවධානය ඉතාමත් විශාල බව කාටත් පැහැදිලි කාරණයකි.
6 2585
පසුගිය සතියේ ජනාධිපතිතුමන්ගේ කතාවකින් කියවුණේ තව මාස 05කින් පමණ මේ රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන බවය.
5 1519
අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් හැම දෙනාටම පාහේ ජනතාවගේ විරෝධතාවක් තිබෙන පරිද්දෙන් මතුවෙමින් තිබෙන ‘225 ම එපා’ යැයි කියවෙන ප්‍රකාශය මේ දවස්වල සමාජ මාධ්‍ය අවකාශයේ සාකච්ජා වෙන එක් ජනප්‍රිය සටන් පාඨයකි. මේ කාරණය මගින් මතුකර තිබෙන්නේ මේ රටේ සමාජය රටේ දේශපාලනය පිළිබඳව මෙතෙක් කාලයක් බැලූ ආකාරයට වඩා යම් විචාරාත්මක හා විරෝධාත්මක බවක් බව බැලූ බැල්මට පෙනී යයි.
3 1785
“බල්ලන් බිරුවත් තවලම ඉදිරියට ඇදෙනු ඇත” යන කියමන මැද පෙරදිග සිට ඉන්දියාව දක්වා භාවිත බොහෝ භාෂාවලින් කියැවේ.
4 3267
අතුරලියේ රතන හිමියන් විසින් දළදා මාලිගය අසල කළ උපවාසය නිමා වූයේ ඊයේ පෙරේදාය. පාස්කු ඉරිදා සිදුවීමෙන් මේ රටේ දේශපාලනයට සිදුවූ බලපෑම මේ උපවාසයත් සමගින් තවත් සංකීර්ණ වූ බව සැබෑවක්ය.