විස්ස රටට විනයක්ද?
විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විවිධාකාරයේ අදහස්, තර්ක ඉදිරිපත් වෙමින් තිබේ. විවිධ පාර්ශ්වවල අරමුණු හා ඉලක්ක අනුව ඒවා ගොඩනැගෙමින් තිබෙන ස්වරූපයක්ද දක්නට පුළුවන. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනස් චිත්රයක් ජනතාව අතර ගොඩනැගීමේ උත්සාහයක් මේවායෙන් ප්රකට කරන බව ගැඹුරින් විමසීමේදී පැහැදිලි වන්නකි.