lankadeepa.lk

මඩකලපුව, අම්පාර ලක්ෂ 37 රන්මාල කැඩු දෙකක් දැලේ

2021 දෙසැම්බර් මස 09 පෙ.ව. 10:45

0     433

මඩකලපුව අම්පාර පොලිස් බල ප්‍රදේශ රැසක යතුරු පදි සොරාගෙන ගොස් රන්මාල දීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 37ට අධික වටිනා රන් බඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .


lankadeepa.lk

ජීව අත් බෝම්බයක් සමග අයෙකු අත්අඩංගුවට

2021 ඔක්තෝබර් මස 20 ප.ව. 01:22

0     333

යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය කියයි.


lankadeepa.lk

කන්තලේත් ගොවියෝ විරෝධයේ

2021 ඔක්තෝබර් මස 17 ප.ව. 07:05

0     232

පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා කන්තලේ ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 46ක ගොවියෝ දහසකට ආසන්න පිරිසක් කන්තලේ වැව් බැම්ම මත ඉදි කර ඇති දෙවන අග්බෝ රජුගේ පිළිරුව ඉදිරිපිට දැවැන්ත විරෝධාතාවක් නිරත වූහ.


lankadeepa.lk

කොතලාවල පනතට ත්‍රිකුණාමලයෙදීත් විරෝධය

2021 අගෝස්තු මස 01 ප.ව. 03:44

1     419

කොතලාවල විශ්ව විද්‍යාල පනත වහා අකුලාගන්නා ලෙස බල කරමින මිනී පෙට්ටියක් රැගෙන මළ බෙර වයමින් ත්‍රිකුණාමල නගරය හරහා අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.


lankadeepa.lk

නැගෙනහිර ඉංග්‍රීසි ගුරු විභාගය අවලංගු කරයි

2021 ජුලි මස 22 ප.ව. 05:19

0     381

නැගෙනහිර පාළාත් පාසල් සදහා ඉංග්‍රිසි ගුරුවරුන් බදවා ගැනිමට උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් වෙනුවෙන් පැවැත්වු තරග විභාග අවලංගු කළ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ සඳහා යළි විභාගයක් පවත්වන්නැයි පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවට නියෝග කළේය.


lankadeepa.lk

සිව්ල් ආරක්ෂකයා නීති විරෝධි වැඩක් කරලා

2021 ජුලි මස 19 ප.ව. 03:56

0     670

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි ගල්කුලම සිවිල් ආරක්ෂක බළකා කදවුරට අනුයුක්තව 5 කණුව උප කදවුරේ රාජකාරි කළ සිවිල් ආරක්ෂක භටයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රිපුර පොලිසිය කියයි.


lankadeepa.lk

නෑමට ළිදට ගිය දරුවා අතුරුදන්

2021 ජුලි මස 12 පෙ.ව. 11:22

0     233

මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.


lankadeepa.lk

මුල්ලේගම රක්ෂිතය ඡායාරූප ගත කළ අටක් මාට්ටු

2021 ජුලි මස 09 පෙ.ව. 11:15

0     793

නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.


lankadeepa.lk

ඩයිනමයිට් කරලක් පිපිරී ධීවරයා මරුට

2021 ජුලි මස 07 ප.ව. 07:55

0     536

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිමේ යෙදුනු ධිවර කාර්මිකයකු අත තිබු පුපුරණ ද්‍රව්‍ය සහිත ඩයිනමයිට් කරලක් පිපිරිමෙන් ධිවර කාර්මිකයකු නිලාවේලි මුහුදේදි මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


නොච්චියාගම ගැමියෝ උද්ඝෝෂණයක්

2021 ජුලි මස 02 ප.ව. 03:42

0     219

ඇගළුම් ආයතනයක් වසා දමන ලෙස ඉල්ලා නොච්චියාගම ගම්වාසීහු පිරිසක් අද (02) ඇගළුම් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.


lankadeepa.lk

පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි

2021 ජුලි මස 02 ප.ව. 01:32

0     191

මීට වසර තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බවට සැකකරනු ලබන හිස් කබලක් සහ ඇටකටු කිහිපයක් හොරොව්පොතාන ඉහළ කුඹුගොල්ලෑව, මස් වැව රක්ෂිතයේදි අද (02) දහවල් සොයා ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.


lankadeepa.lk

අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

2021 ජුනි මස 25 පෙ.ව. 11:38

0     212

උහන පොලිස් වසමට අයත් හිමිදුරාව 12 ඇල පදිංචි නව දරු පියෙකු, වන අලියෙකුගේ පහරදීමකින් අද(25) මියගොස් ඇති බව උහන පොලිසිය පවසයි.


lankadeepa.lk

නරක් වු කුකුල් මස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021 ජුනි මස 23 ප.ව. 12:58

0     300

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ700 ක ප්‍රමාණයක් ලෙරි රථයකින් රැගෙනයමින් සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබුහ.


lankadeepa.lk

සිවිල් වැසියන් දණ ගැස්සුවාට යුද හමුදාවෙන් විශේෂ පරික්ෂණයක්

2021 ජුනි මස 20 ප.ව. 06:15

1     781

සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එරාවුර් නගරයේදී පුද්ගලයන් පිරිසක් මාර්ගයේ දණගස්වා හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව කියයි.


lankadeepa.lk

මිනීවළ හාරා රන් සෙව් දෙදෙනකු අත්අඩංගුවට

2021 ජුනි මස 08 පෙ.ව. 11:05

0     378

යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේ තැන්පත්කළ මෘතදේහවල රන් භාණ්ඩ සෙවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.


lankadeepa.lk

රුපියල් මිලියන 8 ක කේරළ ගංජා මන්නාරම් මුහුදුතිරයෙන් අල්ලයි

2021 ජුනි මස 02 පෙ.ව. 11:49

0     102

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රුපියල් මිලියන 8 වටිනා කේරළ ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800 ක් රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

මහවැලිගඟේ වැලි ගොඩදැමු 16 ක් අල්ලයි

2021 මැයි මස 26 පෙ.ව. 11:14

0     174

සංචරණ සීමා වලට මුවා වී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මහවැලි ගගේ වැලි ගොඩ දැමු සැකකරුවන් 16 දෙනෙකු වැලි ටිපර් නවයක් හා ට්‍රැක්ටර් හතක් සමග අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි.


lankadeepa.lk

ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි

2021 මැයි මස 25 ප.ව. 03:00

0     117

ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට නොහැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.


lankadeepa.lk

අම්පාර රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරක

2021 මැයි මස 07 ප.ව. 08:07

4     795

අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.


lankadeepa.lk

තවත් අලි බිල්ලක්

2021 අප්‍රේල් මස 27 ප.ව. 02:36

2     325

සේරුනුවර තංග නගර් ප්‍රදේශයේ පුද්ගලයකු අද අලුයම වල්අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

හිඟුරාණ මුවන්ගල කඩකාමර සංකීර්ණයක හදිසි ගින්නක්

2021 අප්‍රේල් මස 05 ප.ව. 01:10

0     447

හිඟුරාණ මුවන්ගල ග්‍රාම හත මංසන්ධියේ පිහිටි කඩ කාමර සංකීර්නයක අද (05) උදෑසන 7.30ට පමණ හටගත් ගින්නකින් වෙළඳසල් හතරකට හානි සිදුවී ඇති බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසයි.


lankadeepa.lk

පහළොස් හැවිරිදි සිසුවා කිඹුලාට බිලි

2021 මාර්තු මස 28 පෙ.ව. 07:41

0     803

සාම්පූර් ඉතිකුලම් වැවේ දිය නෑමට ගිය15 හැවිරිදි පිරිමි දරුවකු කිඹුලකුගේ ගොදුරකුට ගොදුරු වි ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ඉන්දීය කුලිකරුවෝ රන්වලට විදී

2021 මාර්තු මස 24 ප.ව. 03:55

1     807

කාත්තන්කුඩි ප්‍රදේශයේ රන්බඩු හලක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකු එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක රන් සොරාගෙන පලාගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.


lankadeepa.lk

හොර සල්ලි සමග වෙළෙඳසල් සේවකයකු අල්ලයි

2021 මාර්තු මස 21 ප.ව. 07:50

0     434

වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමග පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.


lankadeepa.lk

ධීවරයාගේ මරුවා උණ්ඩයෙන් එයි

2021 මාර්තු මස 20 ප.ව. 01:20

0     329

සේරුනුවර උප්පුරාල් ප්‍රදේශයේ දී උණ්ඩයක් පිපිරීමෙන් (34) හැවිරිදි ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ත්‍රි‘මලයටත් කොන්සියුලර් කාර්යාලයක්

2021 මාර්තු මස 11 පෙ.ව. 11:15

0     649

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ලබන සෙනසුරාදා(13) ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය කියයි.


lankadeepa.lk

කාත්තාන්කුඩි ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි

2021 මාර්තු මස 03 පෙ.ව. 11:20

0     203

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන නිලධාරියකුට කොවිඩ් ආසාදනය තහවුරු වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.


lankadeepa.lk

තිඹිරිගොල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

2021 මාර්තු මස 02 ප.ව. 01:58

0     187

අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමියක ස්වභාවික වනය විනාස කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් (02) සොයා ගැනිමට පොතුවිල් පොලිස් අපරධ අංශයේ ඒකකය සමත්විය.


lankadeepa.lk

මඩකලපුව කාන්තන්කුඩියේ පෙදෙස් කිහිපයක හෙට අගුළු අරී

2021 පෙබරවාරි මස 28 ප.ව. 03:54

0     506

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට(01) සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වික මධ්‍යස්ථානය දැනුම් දෙයි.


lankadeepa.lk

ගංජා කිලෝ 47 ක් සමඟ අයෙක් අල්ලයි

2021 පෙබරවාරි මස 26 ප.ව. 02:14

0     145

පොලිස් විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ බොරළුවැව රක්ෂිත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 47 ග්‍රෑම් 485 ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.