
ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙල 'වෝටර්ස් එජ්' හෝටලය පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, එන්.යූ.ජී.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිෂේෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඒ.කේ නිරෝෂන් මාධව සහ එහි නිර්මාණ අධ්‍යක්ෂ හේමරන්සි ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (30) පස්වරුවේ විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.
පුවත්පත් වෙනුවෙන් පිදෙන සම්මාන 15 අතරින් සම්මාන 7 ක්ම ලංකාදීපයට එහිදී හිමිවීම විශේෂත්වයකි.
හොඳම පුවත් පත සහ හොඳම පුවත්පත් සන්නාමයට හිමි සම්මානය, හොඳම ප්‍රවෘත්ති කර්තෘ සහ මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත්හේවා ජුලිගේ , හොඳම කවියාට හිමි සම්මානය ලයනල් පෙරේරා, හොඳම ප්‍රාදේශීය ප්‍රවෘතිකර්තෘට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ, හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය ලංකාදීප කාටුන් ශිල්පී දාස හපුවලාන, හොඳම වෙබ්අඩවියට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, සහ ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අරුණ ශාන්ත කුමාර පෙරේරා සහ හොඳම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මහත්වරු හිමිකර ගනු ලැබූහ.
ලංකාදීප නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය සහ සන්නාම ප්‍රවර්ධන උපදේශක සුජිත් පතිරන්නැහැ යන මහත්වරුන් හොඳම පුවත්පත සහ හොඳම සන්නාමය ලෙස ලංකාදීපයට හිමි සම්මාන ලබාගත් අයුරු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම් ලංකාදීප !!!
මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වීම බෙහෙවින් ම අසීරු ය. කැපවීමට වූ ඇගැයීම ද විශිෂ්ට ය.
ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද ටයිම්ස් .ලංකාදීප හබරාදූව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කල නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක
ලංකාදීප පාඨකයන් වෙනුවෙන් උණුසුම් පැතුම් !
ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද .ලංකාදීප සේවය කළ නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක
පත්තර අතර විශිෂ්ඨ පුවත්පත ලංකාදීප . සුභ පැතුම් ලංකාදීප . ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
"ජයන්ත කැටගොඩ" අතින් ගත්තු සම්මානයකටද මෙච්චර මේ උඩ පනින්නේ...? මේ වගේ අය අතින් සම්මාන ගන්න අය ගැනත් ඉතින් අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ... ලංකාවේ මහලොකු මාධ්‍ය කාරයින්ගේ කෙරුවාව තමයි මේ...? අපිට නම් ලැජ්ජයි!
ලංකාදීපය විශිෂ්ඨයි කියලා අපි පිළිගන්නවා. හැබැයි මේ වගේ සම්මාන හින්දා නම් නෙවෙයි. මේ වගේ සම්මාන ගත්තම ජනප්‍රිය වෙනවාට වඩා වෙන්නේ වෙන වෙන සංවිධාන පොරවල් වෙන එක. අනික කැටගොඩලා, සංජීවලාට වඩා හොඳයි.... මර්වින් සිල්වායි, ප්‍රසන්න රණවීරයි අමුත්තන්ට ගෙන්වා ගත්තා නම්...
අපේ ලංකාදීපයට උණුසුම් සුබපැතුම්...!
ඒක ලැබෙන්නම ඕනේ සම්මානයක්
ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද ටයිම්ස් .ලංකාදීප හබරාදූව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කල නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක
නිමල් ජයරත්න කියන්නේ හොද මාධ්‍යවේදීයෙක්.. ඔහුට මේ සම්මානය ගොඩක් වටිනවා. විශ්ෂයෙන්ම පොලොන්නරුවට... සුබ පැතුම් ඔබට
සුබපැතුම්