2022 මැයි මස 17 වන අඟහරුවාදා
0 406
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
0 274
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
0 1125
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
0 867
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
0 705
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
0 217
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට අද (30) උපදෙස් දුන්නේය.
1 400
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවසර දී ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
0 173
කැළණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
0 185
තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.
0 160
මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අර්ධ වාර්ෂිකව විමසා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
0 157
ධීවර කර්මාන්තයේ බලගැන්වීම සඳහා කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
0 864
විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන විදෙස් තානාපතිවරුන් හා නිලධාරීන් මින් ඉදිරියට අතට අත දී පිළිගැනීමේ බටහිර ක්‍රමවේදය වෙනුවට බුලත් හුරුල්ලක් දී සිංහල සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට තීරණය කර ඇතැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
0 234
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
0 190
රාජ්‍ය සේවයේ දක්ෂයන් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
0 216
වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින නමුත් ඒවා පිරවීමට සෞඛ්‍ය බලධාරීන් උනන්දු නොවන බවට පත්වීම් අපේක්ෂාවෙන් පසුවන වෛද්‍යවරු පවසති.
0 464
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට පවරා තිබේ.
0 288
ශ්‍රී ලංකාවේ ප්‍රධානම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ මුල් පුටු , එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, වසර 150 කට පසු කාන්තාවන් හිමි වී තිබේ.
0 1105
රෝහල්වල හා සෞඛ්‍යය ආයතනවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් ඉදිරියේ දී බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිසර විගණන අංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
0 365
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරිණි.
0 251
පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටුකර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සහ වාර්ෂික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරිම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.
0 251
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විවිධ අංශවල සහයෝගීතාව සහ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පාකිස්තාන රජය මෙරට සිසුන් 15 දෙනකුට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව ප්රදානය කර ඇත.
0 225
වයස අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි.
0 175
‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ නිර්දෙශිත නම් සඳහා සහතික පත්‍ර ප්රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.
0 342
කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
0 183
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා ලෙස රොබට් යූහ්කම් මහතා පත් කරනු ලැබ ඇත.
0 278
ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි සහයෝගය ලබාදීමට ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය යොමුව තිබේ.
0 171
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු වාර්තාව ලබන සතියේදී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් අද ( 13) ලංකාදීපයට පැවසීය.
0 582
ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ නියැළී සිටින පිරිස් සඳහා හැඳුනුම්පතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
0 464
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද (16) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
0 803
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද(12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.