(දසුන් රාජපක්ෂ)
ධීවර කර්මාන්තයේ බලගැන්වීම සඳහා කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ධීවර කටයුතු අන්තර් සම්බන්ධයක් යටතේ සිදුකිරීම සඳහා මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (21) සඳහන් කළේය.
මෙම කාර්යසාධක බලකාය සඳහා ධීවර දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජල ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනය, ධීවර වරාය සංස්ථාව, ධීවර සංස්ථාව, නෝර්ත් සී ආයතනය හා සී-නෝර් පදනම සම්බන්ධ කරගත් බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
මෙම කාර්යසාධක බලකාය මගින් ශ්‍රී ලංකාවට අයත් කිලෝමීටර් 1700 ක මුහුදු සීමාව සහ ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 500,000ක් ආවරණය වන පරිදි මත්ස්‍ය සම්පත් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ධීවර අමාත්‍යාංශයෙන් කාර්යසාධක බලකායක්