(තිළිණි ද සිල්වා)
ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැළී සිටින පිරිස් සඳහා හැඳුනුම්පතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
මේ අනුව පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය, විදුලි කාර්මික ශිල්පී ආදී ක්ෂේත‍්‍රවල නිරත ප‍්‍රජාව සඳහා මෙම හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම හැඳුනුම්පත ලබා දෙනු ලැබේ.
විශේෂයෙන්ම මෙවැනි හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින් ජනතාවට ගුණාත්මක හා විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට රුකුලක් වෙතැයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කර සිටී.
තවද එහි නිරතවූවන්ට සිය රැකියා සඳහා සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට මෙන්ම වෘත්තීමය වරප‍්‍රසාද තහවුරු කරගැනීමට මෙය බෙහෙවින් උපකාර වෙතැයි ද නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා කියා සිටී.
මෙම හැඳුනුම්පත සඳහා වන මෘදුකාංග සංවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණ සහාය ලබා දීම නියෝජිතායතනය විසින් සිදුකෙරේ.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ගැමුණු අලවත්තේගම සහ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරුන් අතර නොබෝදා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවූවන්ට හැඳුනුම්පතක්