(ඩයනා උදයංගනී)
කැළණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කඩුවෙල සිට පෑලියගොඩ පාළම දක්වා ගඟ දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදිකර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසරවේදීන් තමාට පෙන්වා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රය වන කැළණි ගඟ දෙපස ඇති පරිසර වාර්තා ලබා නොගත් මෙම කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දීමක් ද කර තිබේ.
එමෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පරිසර ආරක්ෂණ බළකායක් පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කැළණි ගඟ දෙපස වාර්තා නැති කර්මාන්තශාලා 4000 ක්