IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි

(විනීතා එම් ගමගේ)

පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට අද (30) උපදෙස් දුන්නේය.

2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ එවකට කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඩ් බදුර්දීන් මහතාගේ උපදෙස් පරිදි බව එම ගැසට් නිවේදනය පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමක දී යැයි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොල් මිල විකෘතියක් බවත් එය කැබිනට් පත්‍රිකාවක් මගින් ඉක්මනින්ම  නිවැරදි කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසූ බව හෙතෙම සඳහන් කළේය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් අතරතුර දී මෙම උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295 ක සෙස් බද්ද රුපියල් 125 ද්කවා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය කඩාවැටුණු බව එහි දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන් බව කී එම නිලධාරියා දේශීය නිෂ්පාදකයන්ට මේ තත්ත්වය යටතේ ආනයනික පොල්තෙල් සමඟ සටන් කරන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුන පෙන්වා දුන් බවත් කීවේය.

තම අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ලංකා රාජ්‍ය සමාගම මගින් දේශිය නිෂ්පාදකයන් ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම පොල් ගෙඩි වශයෙන් අපනයනය නරත කිරීම වැනි දේශීය පොල් තෙල් කර්මාන්තය නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා කී යැයි ද එම නිලධාරියා කියා සිටියේය. 

 



අදහස් (0)

පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site