අනුරාධපුර දයාරත්න ඇඹෝගම

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ රජයේ පාසල් දෙකක අධ්‍යාපනය ලබන 13 වැනි වසරේ සිසු සිසුවියන් පස් දෙනෙකු මදන මෝදක ගුලි කෑමේ හේතුවෙන් රෝගාතුරවි පසුගි 27 වැනිදා රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.මෙසේ රෝහල් ගත කොට ඇත්තේ  17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් තිදෙනෙකු හා සිසුවියන් දෙදෙනෙකි.

මෙම සිසුන් එම පාසල්වල උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.ඔවුන්ට උසස් පෙළ විභාගයට නියමිත වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් ලබාදුන් මාස හයක පුහුණුව අවසානයේදි මිහින්තලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ අනුමැතියට යටත්ව කලාපයේ සියළු සිසුන් අධ්‍යාපන චාරිකාවක් සදහා බස් රථයකින් කොළඹ රුගෙන යමින් සිටියදි මෙම සිසු සිසුවියන් පස් දෙනා බස් රථය තුලදි ගුරුවරුන්ටත් හොරා මදන මෝදක ගුලි කා ඇති බව පොලිසිය පැවසිය.

බස් රථය ගලෙන්බිදුණුවැව සිට මිහින්තලය නගරයට පැමිනෙන විට මෙම සිසු සිසුවියන් පස් දෙනා මදන මොදක ගුලි කෑමේ හේතුවෙන් වමනය දමමින් රෝගී විම නිසා  ගුරුවරු විසින් ඔවුන් මිහින්තලය රෝහලට ඇතුලත් කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් සිදුකළ විමර්ශණයේදි රෝගතුරව සිටි 17 හැවිරිදි සිසුවෙකු සන්තකයේ තවත් මදන මෝදක ගුලි හතරක් තිබියදි පොලිසිය සිය බාරයට ගෙන තිබේ.

එම සිසුවා ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරිමේදි තමන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ කඩයකින්  රුපියල් 2,500ක මුදලක් ගෙවා  මෙම මදන මෝදක ගුලි මිලදි ගත් බව ඔහු විසින් පවසා තිබුණි. මදන මෝදක ගුලි කෑමේ හේතුවෙන් ආසාධ්‍ය තත්වයට පත්ව සිටි එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මදන මෝදක රුගෙන ආ 17 හැවරිදි සිසුවා 28දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂයය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදාහරින ලද බවත් පොලිසිය පැවසිය. වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 12 වැනිදින සිදුකිරිමට නියමිතය.