( තිළිණි ද සිල්වා )
වයස අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි.
එම වයස් කාණ්ඩයට අඩු පාසල් නොයන ළමුන් පාසල් වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් මෙම සමීක්ෂණය සිදු කරන බව එම අධිකාරියේ සභාපති එච්. එම්. අබේරත්න මහතා කීය.
මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම සමීක්ෂණය සිදු කර අවසන් කර ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්ක වල කඩිනමින් එම සමීක්ෂණය සිදුකර අවසන් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අවුරුදු 16 ට අඩු දැනට පාසල් නොයන දරුවන් ලබන පාසල් වාරයේදී පාසල්වලට යොමු කිරීම එම සමීක්ෂණයෙන් අනතුරුව සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්