IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වෛද්‍ය පරිපාලන සේවයේ තවමත් පුරප්පාඩු

(රංජන් කස්තුරි)

වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින නමුත් ඒවා පිරවීමට සෞඛ්‍ය බලධාරීන් උනන්දු නොවන බවට පත්වීම් අපේක්ෂාවෙන් පසුවන වෛද්‍යවරු පවසති.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු සහ රටපුරා රෝහල් ගණනාවක අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු පවතින අතර ඒවායේ කටයුතු කරමින් ඉන්නේ වැඩබලන අධ්‍යක්ෂවරුන්ය.

ඉකුත් 2019 වසරේදී නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවයට බඳවාගත් නිලධාරීන්ට වසර තුනක සේවාකාලයක් නොමැතිවීම නිසා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට උසස් වීමට බාධා පැමිණ තිබෙන බවද එම වෛද්‍යවරු කියති.

වෛද්‍ය පරිපාලන සේවයට පත්වීම් ලැබූ දිනයට පෙරදාම යොදා එම බධාව ඉවත් කරන්නැයිද එම වෛද්‍යවරු සඳහන් කරති.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට උසස්වීම් නොලැබුවද බොහෝ පිරිසක් මේ වනවිට එම ශ්‍රේණියට අදාල තනතුරුවල වැඩබලන බවද එම වෛද්‍යවරු කියති.

ඉකුත් 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ වෛද්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම් සිදු නොවූ හෙයින් පෙරදාතම යෙදීමේ බධාවක් මතුනොවන බවද ඔවුහු කියති.



අදහස් (0)

වෛද්‍ය පරිපාලන සේවයේ තවමත් පුරප්පාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site