IMG-LOGO

ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි

(නිමල කොඩිතුවක්කු)

‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ නිර්දෙශිත නම් සඳහා සහතික පත‍්‍ර ප‍්‍රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී සම්මාන සඳහා නිර්දේශ ලැබූ 78 දෙනෙකු සඳහා සහතික පත‍්‍ර පිරිනමනු ලැබීය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රථම වරට සංවධානය කළ මෙම සම්මාණ උළෙලේදී රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් ක්ෂේත‍්‍ර 4 නියෝජනය කරමින් සිංහල,දෙමළ, සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයම නියෝජනය කළ මාධ්‍යවේදීන්ට සම්මාන ප‍්‍රදානය කෙරුණි.

යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහි කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා අගය කිරීම රජයේ යුතුකමක් බව එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවැසීය.

සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් පැවසූ ලේකම්වරයා ලබන වසරේ මාධ්‍ය සම්මාන උළෙලේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්.කිත්සිරි මහතා, සම්මාන උළෙලේ ජූරිය ලෙස කටයුතු කල කමිටුවේ සාමාජිකයන් ඇතුළු මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ද මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 540 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 606 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site