( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා ලෙස රොබට් යූහ්කම් මහතා පත් කරනු ලැබ ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පත් කරනු ලැබූ රොබට් යූහ්කම් මහතා ඉකුත් 15 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ලෙස වැඩ බාර ගනිමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා වෙත සිය අක්ත පත‍්‍ර බාර දුන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ අමාත්‍යවරයා වෙත අක්තපත‍්‍ර බාර දෙමින් රොබට් යූහ්කම් මහතා කියා සිටියේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සීමා ඉක්මවා කටයුතු කොට , සංකීර්ණ ගැටලූ විසඳීමට උපරිම සහාය ලබා දෙන බවය.
එසේම මිහිකත රැකගැනීමට හා සියලූ දෙනාට සාමය හා සෞභාග්‍ය භුක්ති විඳීමට ඉතා සබැඳි සංවර්ධන විසඳුම් අවශ්‍ය වන බවද හෙතෙම විදේශ අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
එස්ටෝනියා ජාතිකයෙකු වන රොබට් යූහ්කම් මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හී සාන්ත බාබරා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිධාරියෙකි.
නව පදවියට පත්වීමට පෙර යූහ්කම් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 1997 වසරේ සිට කටයුතු කරන අතර ජාත්‍යන්තර සංවර්ධන ක්ෂේත`යේ වසර 30ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එ.ජා. සංවර්ධන වැඩසටහනට නව ශ්‍රී ලංකා නියෝජිතයෙක්