(බිඟුන් මේනක ගමගේ)
මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අර්ධ වාර්ෂිකව විමසා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත ක්‍රමවේදවලට පරිභාහිරව ඉදිකිරීම් කෙරෙන බැවින් මෙවැනි නැවත පරීක්ෂාවක් කළ යුතුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
ඒ අනුව ගොඩනැගිලි ව්‍යුහ ඉංජිනේරුවන් හරහා මෙම නැවත පරීක්ෂාව කිරීමට අදහස් කරගෙන ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.
සය මසකට වරක් අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම හරහා මෙම පරීක්ෂාව කිරීමට නියමිත යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ නගරයේ පමණක් අනවසර ඉදිකිරීම් විසි දහසකට වැඩි සංඛ්‍යාවක් ඇති බව මීට පෙර ඩේලි මිරර් පුවත්පත හරහා අනාවරණයක් සිදු කෙරිණි.
අනවසර ඉදිකිරීම්වලට අමතරව මුල් සැලැස්ම වෙනස් කරමින් සහ ගොඩනැගිලි හා සැලැසුම් රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කරමින් කරන ලද ඉදිකිරීම් රැසක් රට පුරාම ඇතැයි ද එහිදී හෙළිදරව් විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අර්ධ වාර්ෂිකව මහාපරිමාණ ගොඩනැගිලිවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න යයි